නිරෝධායනය යනු කුමක්ද ?

ප්‍රථමයෙන්ම මෙය ලොවට අලුත් වචනයක් නොවන බව පැවසිය යුතුයි. ලොව පුරා පැතිරී ගිය හා පැතිර යන වසංගත තත්වයන් පාලනය කිරීමට ගන්නා මුලිකම අවස්තාව ලෙස නිරෝධාන ක්‍රියාවලිය හැඳින්විය හැකියි. Quarantine ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් මෙය හැඳින් වුවද ඉතාලි භාෂාවෙන් මෙම වචනයේ උපත සිදු වී ඇත. quaranta giorni එසේත් නැත්නම් දින හතළිහ යන අර්ථයෙන් මෙය ව්‍යවහාරයට එක්ව ඇත. 1347 සිට 1351 දක්වා යුරෝඒසියාවේ හා යුරෝපා රටවල පැතිර ගිය Black Death නමින් පැතිර ගිය මහාමාරිය වසංගතයෙන් මිනිසුන් මිලියන 200 ක් පමණ මරණයට පත් විය.

එම මාරාන්තික වසංගතයෙන් යුරෝපයේ ජනතාවගෙන් 30% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මරණයට පත් විය.පමණ මෙතෙක් යුරෝපිය ඉතිහාසයේ සිදු වූ මහා ඛේදවාචකය ලෙස ඉතිහාසයට එක්වන්නේද මෙම සිදුවීමයි.
එකි වසංගතයෙන් පසුව නැවත වරක් යුරෝපය තුල රෝග බිය පැතිර යන්නේ 17 වන සියවසේදී වැනීසිය අවට ප්‍රදේශ ඉලක්ක කරමිනි. ඉතාලියේ ප්‍රධානතම නාවික වෙළඳ මධ්‍යස්ථානය වුයේ වැනීසියයි. එවකට සිටි වෛද්‍යවරුන්ගේ මතය වුයේ දින 40 ක් යම් ආසාධිත පුද්ගලයෙකු හුදකලා කර තැබීමෙන් රෝගය පැතිර යාම අවම කර ගත හැකි බවයි. එම මතයට ගරු කරමින් බොහෝ සැකයට භාජනය වූ පිරිසි නිවාස අඩස්සියේ තැබූ අතර, වැනීසියට පැමිණෙන නැව් වෙරලින් පිටත සීමාවේ දින හතළිහක් පමණ එම වසංගත කාලයේ නැංගුරම් ලා තැබූ බව වාර්තා වේ.

නිරෝධානයන යනු සිදු කල යුතු ජනතාවට හිතැති ක්‍රියාවලියකි. නවතම කොරෝනා වෛරසය නිශ්චිතව වැළඳී ඇතිදැයි හඳුනා ගැනීමට දින 14 ක් ගතවන හේතුවෙන් , යම් පුද්ගලයෙකු රෝගය පැතිර යන කලාපයේ සිට පැමිණෙන්නේ නම් ,නිරෝධායන මධ්‍යස්ථානයක එම දින සංඛ්‍යාව ගත කල යුත්තේ අන් කවර හේතුවක් නිසා නොව රෝගය රට තුල පැතිර යාම අවම කිරීමටය. ඉන් ප්‍රතිපල දෙකක් යම් පුද්ගලයෙකුට හිමි වේ. එකක් තමා සෞඛ්‍ය ආරක්‍ෂිත බව හා අනාරක්ෂිත බව තහවුරු කරගැනීමය. කොරෝනා වැළඳීම යනු මරණය වැළඳ ගැනීමක් නොවන බව සියලු දෙනාම වටහා ගත යුතුය. මේ වන විට මිය ගිය සංඛ්‍යාව මෙන් දස ගුණයක් රෝගය සුවකර නිවෙස් වලට පැමිණ ඇත. මිය ගිය බහුතරය වයස්ගත පුද්ගලයින් මෙන්ම විවිද ස්වසන රෝගාබාධයන්ට පෙර සිටම ප්‍රතිකාර ගත පුද්ගලයන්ය.

මෙතෙක් ලොව පුරා නිරෝධායන කලාප , මධ්‍යස්ථාන බොහොමයක් ඇතිකර තිබුණි. කොරෝනා යනු එහි දසවෙනි අවස්ථාවේ දී ලොව පුරා ක්‍රියාත්මක වීමයි.
ලොවේ පැවති වසංගත තත්වයන් වලක්වා ලීමට සැකසු නිරෝධායන ක්‍රියාවලිය ප්‍රථම වරට ආරම්භ වන්නේ 1665 දී බ්‍රිතාන්‍යයේ Eyam නැමති ගම්මානයේදීය. එම ප්‍රදේශය පුරා පැතිර ගිය මහාමාරිය වසංගතය මැඩලීම සඳහා ඉහතකී ගම්මානය නිරෝධායන ගමක් ලෙසට වෙන් කර තබන ලදී. දෙවන නිරෝධායන කලාපය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි වරාය ආශ්‍රිතයේ ඉදි කරන ලද්දේ Typhoid උණ රෝගය පැතිරයාම වලක්වා ගැනීමටය. ඉන් පසුව තෙවන අවස්තාව ලෙස ඇමෙරිකාවේදී 1907 සිට 1910 දක්වාද 1915 සිට 1938 දක්වාද ටයිෆොයිඩ් උණ රෝගය පැතිරීම වලක්වා ලීමට නොරෝධායන කලාප වෙන් කළේය. නැගෙනහිර සැමෝවා යනු පොලිනේසියාවේ පිහිටි ස්පාක්ඥයට අයත් දුපතකි. ස්පාඤඤ යටත් විජිත සමයේ දී ගොඩ බසින නැවියන් ගෙන් හටගත් උණ රෝගයට දුපත පුරා පැතිර ගිය අතර 1918 දී සැමෝවා දිවයිනට ගොඩ බැසීම පවා තහනම් කරමින් නිරෝධායන කලාපයක් බවට නම් කළේය. පස්වෙනි වතාවට ලෝකය තුල නව නිරෝධායන කලාපයක් වාර්තා වන්නේ Gruinard දිවයිනේ පැතිර ගිය ගව බැටළු යන සත්වයන්ගෙන් හට ගන්නා Anthrax රෝගය මුල් කරගෙනය. දෙවන ලෝක යුධ සමයේදී බ්‍රිතාන්‍ය හමුදා කඳවුරක් මෙම දිවයින් තුල ඉදි කල අතර, එහිදී ජීව විද්‍යාත්මක අවි නිෂ්පාධනය සිදු වුයේ Gruinard දිවයින තුලය. එහිදී සිදු වූ අත්වැරදීමකින් මෙම රෝගය පිටතට කාන්දු වී මුළු දිවයිනම නොරෝධායන කලාපයක් කර වෙන්කර තබන ලද්දේ 1942දීය. 1990 පමණ වනතුරු එහි නිරෝධායන ක්‍රියාවලිය පැවතුනි. 1969-1971 අතර කාලය තුල මිනිසා සඳ ගමනට අවතීර්ණ වූ අතර එයට සහභාගී වූ ගගනගාමීන් දින හතක යනතුරු නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා තබන ලද්දේ යම් විෂබිජකාරක පෘථිවියට මුසුදු වීම වලක්වා ගැනීමේ සද් අරමුණකිනි.

හත්වන වතාවටත් ලෝකයා නිරෝධායන ක්‍රියාවලියකට අවතීර්ණ වීමට සිදු වුයේ 1972 දී යුගොස්ලෝවියාව පුරා 1972 දී පත්‍ර ගිය වසුරිය වසන්ගතයත් සමගය. ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කල අතට එරට රජය විසින් මාෂල් ලෝ හෙවත් යුධ නීතිය පවා පනවා තිබුණි. 2014 වසරේදී අප්‍රිකාව මහාද්වීපය ආක්‍රමණය කරමින් පැතිර ගිය එබෝලා වසංගත සමයේදී එම කලාපයේ විවිධ රටවල නිරෝධායනය කලාප ආරම්භ කිරීමට සිදු වුයේ රෝගය පැතිර යාම අදාළ කිරීමටය. එම රටවල දින 21 ක් පුරා නිරෝධායනය ආරම්භ කල අතර එය ඇති සාර්ථක පිලියමක් බවට ලොව පුරා පිලි ගැනුනි. 2020 වසරේදී නිරෝධායන කලාප දෙකක් ඉදි වන්නේ චීනයේ හා ඉතාලියෙනි. ඒ වර්තමානයේ ලොවට මහා බියකරු අත්දැකීම් ගෙන දෙමින් පැතිර යන කොරෝනා වසංගතයට වැට බැඳීමටය. ශ්‍රී ලංකාව මෙන් පස් ගුණයක ජනතාවක් වාසය කල උහාන් ප්‍රාන්තය සම්පුර්ණ නිරෝධායන කලාපයක් බවට චීනය නම් කල අතර අතර, මේ වන විට චීනය තුල රෝගය පැතිර යාම 90 % කින් පමණ අවම කර ගැනීමට සමත් වී ඇත. ඉතාලිය තුලද මේ මස 10 වෙනි දා සිට අප්‍රේල් 3 වනදා දක්වා විශේෂ අවසරයකින් තොරව ඉතාලිය තුල නගරයෙන් නගරයට ගමන් කිරීම පවා තහනම් කර දමන ලද්දේ නිරෝධායන ක්‍රියාවලියේ එක පියවරක් ලෙසය.

මේ සියල්ලන්ගෙන්ම විවිධ බාධක හිරිහැර මිනිසුන්ට හිමි වුවද , ඉන් දීර්ඝ කාලීන සමාජ මෙහෙයක් හා වටිනා ජීවිත අකාලයේ අපෙන් අහිමි වීම නතරවනු නියතය. එබැවින් නිරෝධායනය පමණක් නොදැනුවත් බාවයකින් විවේචනය නොකරන්න. යම් අයෙකු නිරෝධායනයට අකමැත්තක් දක්වන්නේ නම් දැනට සිටින ස්ථානයේම රැඳී සිටින්න.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here