• දෙවියන්ගේ ආහාරය – food of the gods
  • රෝග රැසකට අගනා බෙහෙතක්
  • ආහාර රස කාරකයක්
  • ගුප්ත විද්‍යාවට අවශ්‍යයි
  • යක්ෂ බලවේග බන්ධනයක්
  • මාළුන්ට, වෘකයින්ට ඇමක්
  • ඉන්දීය බොදු නිර්මාංසාහාරිකයෝ ආහාරයට නොගනී
  • ලුණු වර්ග නොකන ඉන්දීය ඉහළ පන්තියේ අයගේ ආහාරයට



පෙරුම්කායම් වල විද්‍යාත්මක නාමය Ferula assa fcetida වේ. පෙරුම්කායම් ඉංග්‍රීසි භාෂාවෙන් Asafcetida ලෙස හැඳින්වෙන අතර දෙමළ භාෂාවෙන් Perankayam නමින් හැඳින්වේ. මේ අතරින් ලොකයේ වඩත් ජනප්‍රිය නාමය වන්නේ Food of the Gods (දෙවියන්ගේ ආහාරය) ලෙසය. පෙරුම්කායම් ප්‍රධාන වශයෙන් ඉරානයේ සහ ඇෆ්ගනිස්ථානයේ වගා කරනු ලබන අතර එය ලෝකයේ සෙසු රටවලට අපනයනය කරනු ලැබේ. ඉන්දියාවේ එය වගා කරනු ලබන්නේ කාශ්මීරයේ ය. ශාකයේ සියලුම කොටස්වල සුවිශේෂී ගඳ සුවඳ ඇත. මීටර් 1.5 ක් 2 ක් පමණ උසට වැඩෙන බහුවාර්ෂික පැළෑටියක් වන පෙරුම්කායම් වෘත්තාකාර පත්‍ර ව්‍යුහයක් දරන අතර පත්‍ර 30 ක් 40ක් පමණ හට ගනී. ක‍ඳෙන් හට ගන්නා පත්‍රවල පුළුල් පත්‍ර කොපු ඇත. මල් හට ගන්නා නටු සෙ. මි. 10 පමණ ගනකම වේ. මල් ළා කොළ කහ පැහැ වේ.

සාදා කල් තබා ගන්නා ආකාරය – පෙරුම්කායම් ශාකයේ මුදුන් මුලෙන් නොහොත් රෛසෝමයෙන් (භූගත කඳකි) වැගිරෙන ස්‍රාවය (කිරි) විජලනය කිරීමෙන් පෙරුම්කායම් ලබාගනී. පෙරුම්කායම් වාතය රහිත බහාලුම්වල තබා ගැනීම ඉතා වැදගත්.පිසින බඳුනට කෙලින්ම එකතු කළ හැකි කුඩු හෝ කැටිති ලෙස එය බොහෝ විට ලබා ගත හැකිය. එය භාවිතා කිරීමට පෙර තලා දැමිය යුතු ගැටිති වලද විකුණනු ලැබේ. මෙය ඉතා ප්‍රබල කුළුබඩු වර්ගයක් වන අතර එහි භූගත තත්වය තුළ පවා ආලෝකය සහ වාතයෙන් නොලැබෙන නිසි ලෙස ගබඩා කළ හොත් වසරකට වඩා වැඩි කාලයක් පවතී. ආහාර පිසීම – පෙරුම්කායම් වැඩිපුරම භාවිතා කරනුයේ නිර්මාංශ ආහාර පිසීමේදී ය. ශක්තිමත් ලූනු සුදුළූණු රසය බොහෝ කෑම වර්ග වැඩි දියුණු කරයි, විශේෂයෙන් ලූනු සහ සුදුළූණු තහනම් කර ඇති බ්‍රාහ්මණ සහ ජෛන කුලවල අය. එය වැඩි වශයෙන් දකුණු හා බටහිර ඉන්දියාවේ භාවිතා වේ. එය බොහෝ පරිප්පු කෑම (බොහෝ විට සමතලා වීම වැළැක්වීම සඳහා), නිර්මාංශ සුප් සහ අච්චාරු වල භාවිතා වේ. එය බොහෝ මාළු කෑම සඳහාද ගැලපෙන අතර සමහර පපඩම් පෙරුම්කායම් සමඟ පදම් කර ඇත.

සෞඛ්‍ය ප්‍රතිලාභ – පෙරුම්කායම් ඉතා අගනා ඖෂධක් ලෙස හැඳින්වෙන අතර ඇදුම, බ්රොන්කයිටිස් සහ කක්කල් කැස්ස, බඩ පුරවා දැමීම වැළැක්වීමට, මෙන්ම අන්ත්‍රයට (gut) ආවේණික ක්ෂුද්‍ර ජීවින් වර්ධනය පාලනය කිරීමටත් යොදා ගනී. එහි සැර ගඳ බොහෝ අසාමාන්ය වෛද්ය ප්රකාශයන්ට තුඩු දී ඇති අතර, ගඳ සුවඳ විෂබීජ වලට බාධාවක් ලෙස ක්රියා කරයි. මෙම ශාකයේ මුල් sesquiterpenc coumarins නම් ප්‍රති වෛරස කාරක ඖෂධය නිපදවන බවත් එය H.N.වෛරස් ආසාදනයට ප්‍රතිකාරයක් බවත් 2009 වසරේදී පර්යේෂණ මඟින් සොයාගෙන තිබේ. ඇතැම් රටවල මයුනානි (unani) ප්‍රතිකාරවලට අනුව ස්නායුගත රෝගවලට ද පෙරුම්කායම් මහඟු ඖෂධයක් බව කියැවේ. ආයුර්වේදයේදී වාත හා පිත සමනයට භාවිත කෙරේ. මේ අනුව පැහැදිලි වන්නේ පෙරුම්කායම් මිනිසාගේ විවිධ රෝගාබාධයන්ට ඖෂධයක් මෙන්ම කදිම ආහාර රසකාරකයක් හා කුළුබඩුවක් වන බවයි.

අපි පුංචි කාලේ ඉදන් අහලා පුරුදු වචනයක් නෙව පෙරුම්කායම් කියන්නේ. අපි පුංචි කාලේ අපේ අම්මලා පිරිසිදු සුදු රෙදි කඩක් අරන් පෙරුම්කායම් කෑල්ලක් එහි දවටලා අපේ ඇගේ ස්පර්ශ වෙන විදිහට අතේ බැන්දාලු. ඒ ඇයි දන්නවාද? බෝවන රෝග වසංගත විෂභීජ වලින් අපිව රකින්න. ඒත අද කාලේ මව්වරුන්ට ඒ ගැන දැනුමක් නැතුවාදෝ? නැත්නම් උනන්දුවක් නැතුවාදෝ කියලත් හිතෙනවා.. නෑ ඒක එහෙම නෙවෙයි .. අදටත් අපේ මවුවරුන් ඒ ගැන උනන්දුවක් ආසාවක් තියෙනවා. පෙරුම්කායම් කියන්නේ ශාකසාර කුළුබඩුවක්,ඖෂධයක්,පෙරුම්කායම් මගින් ඉන්ෆ්ලුවෙන්සා ඇතිකරන H1N1 වෛරසය හා ගැටුණු විට එම වයිරසයේ වර්ධනය අඩපණ කරන බව හා ඕනෑම වෛරසයක් සමඟ ගැටී එහි වර්ධනය වේගය අඩාල කරන්නට පුලුවන් මහා බලයක් ඇති දිව්‍යමය ඖෂධයක් ලෙස සඳහන් වෙනවා. කුඩා ලමුන් සදකා පෙරුම්කායම් සුලු ප්‍රමාණයක් ගෙන පිරිසිදු සුදු රෙදි කඩක ගැට ගසා අතෙහි හෝ ඉනෙහි එල්ලීම මගින් විෂබීජ සහ බෝවන වසංගත වලින් දරුවන් බේරාගැනීමට හැකියාව ඇති බව ඔබ මම අපි කවුරුත් දන්නවා. (මෙසේ බැඳීමේදී පෙරුම්කායම් සමෙහි ස්පර්ශ වන ආකාරයට බැඳිය යුතුයි).

ඇදුම සහ ස්වසන රෝග සදහාද මෙම මහා ඖෂධීය අමුද්‍රව්‍ය මනා පිටුවහලක් වෙනවා.මෙයින් හෙම්බිරිස්සාව වැනි අවස්තාවන්හීදි ඇතිවන ස්වසන ආබාධ සඳහා මනා ලෙස ක්‍රියාකරමින් සවසන ක්‍රියාව සැහැල්ලු කරනවා,පහසු කරනවා. ආහාර අරුචිය සහ දිරවීමේ අක්‍රමිකතා දුරුකරලන මෙම ඖෂධය මිනිස් ජීර්ණ පද්ධතියේ ඇති විෂ ඉවත් කිරීමේ මහා ප්‍රභලයෙක්.ආහාර ජීරණය සදහා වන ප්‍රති විෂයන් වලට මහා ඖෂධයක් ලෙස ප්‍රතික්‍රියා කරනවා. අපස්මාරය වැනි රෝග සදහාත් ඉතාමත් ගුණදායකය වන මෙම ඖෂධය ඈත අතීතයේ හටගත් බොහෝ වසංගතයන් සදහා යොදාගත් බව සඳහන් වෙනවා.

පිළිස්සුම් සහ තුවාල සඳහාත් වටිනා ප්‍රතිකාරයක් වන මෙම ඖෂධය ආම්ලිකතාවය,බඩවැල් සහ ආමාශගත ආම්ලිකතාවය සඳහාත් බොහෝ සෙයින් වැදගත් වෙනවා. ස්වාභාවික ආහාර රසකාරකයක් වන මෙම අමුද්‍රව්‍ය ආහාර සඳහාත් යොදාගන්නා අතර සලාද වැනි ආහාර සඳහා සුලු වශයෙන් එක්කර ගන්නවා. නමුත් ඈත අතීතයේ සිටම උපත් පාලන ක්‍රමයක් ලෙසද බාවිතා කර ඇති බව පැවසෙන අතර ගැබිණි මව්වරුන් හා ඒ පිලිබඳව උනන්දු වන අය මෙය ආහාරයට ගැනීම නොකල යුතුමයි. මානසික ආතතිය දුරලන අතර හෘද සෞඛ්‍යය වැඩි කිරීමට සහ පවත්වා ගැනීමට,කැස්ස සහ හුස්ම ගැනීමේ ගැටළු වලට එරෙහිව එය ප්‍රයෝජනවත් ශ්වසන ඖෂධයක් ලෙසත් පෙන්වාදී ඇත.

ඊට අමතරව සියලුම පටක හා සෛල වලට රුධිර සැපයුම වැඩි කරනවා. එමෙන්ම සෑම සෛලයකටම අවශ්‍ය ඔක්සිජන් අන්තර්ගතය ලබා දීමට,වෙහෙසට පත් පටක අලුත්වැඩියා කිරීමට,තෙහෙට්ටුව අඩු කිරීම සඳහා බෙහෙවින් උපකාරී වන ඉතා වටිනා ඖෂධයක් ලෙසත් සඳහන් කල හැකිය. තවද හිසරදය ,ඔසප් වේදනා සමනයට,පණු අමාරුවට,ගම්බද තවමත් දෙවියන්ගේ ලෙඩ වශයෙන් හැඳින්වෙන පැපොල, සරම්ප වැනි අසනීප සහ 1918 දී පැතිර ගිය ස්පාඤ්ඤ වසංගත රෝගය මැඬලීමට ද මෙම මහඟු ඖෂධය මහෝපකාරී වී ඇති බවද කියවෙනවා. මේ ආදී වශයෙන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රීය වැඩකටයුතු සඳහාද පෙරුම්කායම් යොදාගන්නා අතර දෙවියන්ගේ ආහාරය ලෙස විරුදාවලිය ලත් මෙම මහා ගුණැති ඖෂධීය අමුද්‍රව්‍ය වන පෙරුම්කායම් මිනිසාගේ බොහෝ ලෙඩ දුක් කම්කටොළු සඳහා මනා පිටුවහලක් වන අතර මෙම ඖෂධීය ගුණය පරයා යාමට නම් තවත් ඔසුවක් හෝ අමුද්‍රව්‍යයක් නොමැති තරම්ය. එය සක්සුදක් සේ පැහැදිලි නොවේද?

(කරුනු අන්තර්ජාලයෙන් සහ පාරම්පරික වෙදකමේ පුනරාගමනය සමූහය – සඳුන් එස් පී කේ)

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here