(අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිශ්‍රේණි හෙද නිළධාරිණී සුනේත්‍රා අබේසිංහ මහත්මිය සමග doctor.lk වෙබ් අඩවිය පැවැත් වූ සාකච්ඡාවක් ඇසුරිනි.)

අධික හිරු කිරණ නිසා වෙහෙසට පත්වන අප කොයි කවුරුත් වෙහෙස නිවා ගැනීමට කූල් වතුර බීමට වැඩි කැමැත්තක් දක්වනවා. එමගින් තාවකාලිකව යම් සහනයක් ලැබුවද නිතර කූල් වතුර පානය කිරිම නිසා අත්විඳීමට සිදුවන අහිතකර ප්‍ර‍තිඵල ගැන ද දැනුම්වත්වීම වැදගත්.

සමහර පුද්ගලයින් තම කෑම වේල ගැනීමෙන් පසුව අයිස් වතුර පානය කිරිමට වැඩි කැමැත්තක් දක්වනවා. නමුත් අප ගන්නා ආහාර ජීර්ණයට මෙමගින් බලපෑම් ඇති කරනවා. ආහාර ජීර්ණය වීමේ වේගය අඩු කිරීමක් මෙමගින් සිදු වෙනවා.

යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගෙන යාමට නම් ප්‍රමාණවත් තරම් ජලය පානය කළ යුතුයි. එලෙස ජලය පානය කළ විට ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය හොඳින් සිදුවෙනවා. නමුත් අයිස් වතුර පානය කිරීමට හුරුවීම නම් නුවණට හුරු නෑ. අයිස් වතුර දිගින් දිගටම පානය කරන පුද්ගලයෙකුගේ ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය නිසියාකාරව සිදු නොවේ.

කූල් වතුර බිව්වහම සිදුවන අහිතකර බලපෑම් මොනවා ද?

කූල් වතුර පානය ආහාර ජීර්ණ ක්‍රියාවලියට සෘජුවම බලපෑම් කරනවා. උදාහරණයක් ලෙස අප ගන්නා ආහාරවල අඩංගු මේදය සහිත කොටස් සීත ජලය පානය කිරිම මගින් ගන වීමට ලක් වෙනවා. එවිට ඒවා තෙල් තට්ටු වශයෙන් ශරීරයේ අභ්‍යන්තර කොටස්වල තැන්පත් වෙනවා. එම තෙල් තට්ටු අම්ල සමග ප්‍ර‍තික්‍රියා කොට සෑදෙන සංයෝග ඉතා ඉක්මනින්ම ආහාර ජීර්ණ පද්ධතිය මගින් අවශෝෂණය කර ගන්නවා. එම අවශෝෂිත ද්‍ර‍ව්‍ය මේද තට්ටු බවට පත් වී ආහාර ජීර්ණ පද්ධතිය අවහිර කිරිමකට ලක් කරනවා. මෙය ආහාර ජීර්ණ පද්ධතියේ පිළිකා කාරක සෛල නිපද වීමට හේතු වෙනවා.

කූල් වතුර පානය නිසා ඇති වන වෙනත් ගැටලු මොනවා ද?‍

  • පීනස, සෙම් ගෙඩි ආදි සෙම් රෝග ඇති වීම
  • දත්වල එනමලයට හානි සිදුවීම
  • උගුරේ ස්වර තන්තුවලට පවා හානිවීම
  • සමේ රෝම කූප සාමාන්‍ය තත්ත්වයට වඩා විශාල වීම
  • රුධිර සංසරණ පද්ධතියේ නාල හැකිළීම
  • සිරුරේ තෙතමනය අඩු වීම
  • පිපාසය තව තවත් වැඩිවීම
  • ස්වසන පද්ධතියට හානි සිදුවීම
  • දිගටම තෙල් තට්ටු තැන්පත්වීම අක්මාවට අහිතරක බලපෑම් කිරීම

කූල් වතුර පානය නිසා ශරීරයේ බාහිර වශයෙන් යම් යම් වෙනස්කම් සිදු වෙනවා ද?

ඔව්, දිගට ම සීත කළ ජලය පානය නිසා සිහිසුන් ගතියක් ඇතිවීම, ඇස් නිලංකාරවිම, ශරීරය අප්‍රාණිකවීම සහ ආහාර  අරුචිය වැනි තත්ත්ව මතු විය හැකියි. ශරීරයේ පරිවෘත්තිය ත්‍රියාවලිය නිසි අයුරින් සිදුවිමට අයිස් වතුර කිසිදු අයුරකින් උපකාර නොවන නිසා ඒ සඳහා ශරීර ශක්තිය අනිසි ලෙස වැය කිරීමට සිදුවනවා.

ආහාර ගැනීමට පසු පානය සඳහා වඩාත් සුදුසු කුමන ජලය ද?

පරිවෘත්තිය ක්‍රියාවලිය හොඳින් වීමට නම් ආහාර ගැනීමෙන් අනතුරුව උණුසුම් ජලය පානය කළ යුතුයි. එවිට අප ගන්නා ආහාරයේ ඇති මේද කොටස් ජීර්ණය පහසුයි. ශීත ජලය බෙහෙවින් පානය කිරීම විවිධ රෝගාබාධවලට හේතුවක්. ඒ නිසා හැකි සෑම විටම උණුකර නිවාගත් ජලය පානයට හුරුවීම වැදගත්. එය නීරෝගී ජීවිතයක් පවත්වා ගෙන යාමට මනා අත්වැලක්.

උපදෙස්


සුනේත්‍රා අබේසිංහ
අධිශ්‍රේණි හෙද නිළධාරිණී
අනුරාධපුර ශික්ෂණ රෝහල
සටහන
සුමේධා අබේසිංහ

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here