“ඇයි රත්තරං ඔය තරම් ගනං” කියන්නේ නිකන්ම නෙමෙයි නේ. ලොව ඉහළම වටිනාකමක් තියෙන ලෝහ වර්ගයක් වගේම වැඩියෙන්ම මිශ්‍ර කරලා ව්‍යාජ ආභරණ හදන ලෝහ වර්ගයක්. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ආභරණයක රත්‍රං 41.7%ට අඩු නම් එහෙමත් නැත්නම් කැරට් 10ට අඩු නම් එය ව්‍යාජ රත්‍රං ආභරණයක්.දැන් ඔයා දහඅතේ කල්පනා කරනවා ඇති ඔයා ළඟ තියෙන්නේ සෑබෑ රත්‍රං ආභරණද එහෙමත් නැත්නම් ව්‍යාජ රත්‍රං වලට අහුවුණාදෝ කියලා. මේක හරියටම දැනගන්න පුළුවන් සහතික කර රන් ආභරණශිල්පියෙක් ළඟට ගියොත් තමයි. එත්, බය වෙන්න එපා, අපිට ගෙදරදීම පුංචි පරීක්ෂණ කිහිපයක් කරලා අපේ ආභරණ ව්‍යාජ රත්‍රං ද සෑබෑ රත්‍රං ද කියලා හොයලා බලන්න පුළුවන් ක්‍රම ටිකක් ගැන හෙළ රහස් අපි අද කියලා දෙනවා.

01.මෙම අංඛන නැතිනම් ප්‍රමුද්‍රව(අංක යොදන ලද ලකුණ ) මගින් එම ආභරණයේ රත්‍රං ප්‍රතිශතය අපට දැනගන්න පුළුවන්. බොහෝ දුරට මෙය ආභරණයේ ගංචුවේ නැතිනම් ඇතුල්පැත්තේ සටහන් කර තියෙනවා. මේ සලකුණු භාවිතා කෙරෙන ශ්‍රේණිගතකිරීම් ක්‍රමවලට අනුව 0-999 හෝ් 0k – 24k යන්න අතර අගයක් ගන්නවා.

මෙම ප්‍රමුද්‍රව අන්වීක්ෂයක් මගින් වඩාත් පැහදිලිව දැකගත හැකිය. ඉතා පැරණි ආභරණවල මෙම ප්‍රමුද්‍රව මැකී ගොස් තිබිය හැකි අතර සමහර ආභරණ මෙය නැතුවත් සාදා ඇත්තේ 1950’ස් ගනන් තෙක් ප්‍රමුද්‍රව තැබීම ඒතරම් සුලබ නොවූ නිසවෙනි. ඉන්දියාවේ ප්‍රමුද්‍රව තැබීමට පටන් ගත්තේ වසර 2000න් පසුවය.

02.ආභරණයේ කෙතරම් රත්‍රං තිබෙදැයි අංඛනයෙන්(අංක යොදන ලද ලකුණ ) තහවුරු කිරීම-යුරෝපයේ 1-999 යන ශ්‍රේණිගතකිරීම භාවිතා වන අතර මෙහිදී 999 යනු තනීකර රත්‍රං වේ. ඇමෙරිකාවේ 0-24k ශ්‍රේණිගතකිරීම භාවිතා වෙන අතර 24k තනිකර රත්‍රං වේ.

මෙම ක්‍රම දෙකෙන් යුුරෝපා ශ්‍රේණිගතකිරීම් කියවීමට පහසු වේ. උදා: 375 යනු රත්‍රං 37.5%.
අනිත් ක්‍රමයේදී රත්‍රං වල වටිනාකම විනිශ්චය කරන්න වෙන්නේ ඒ රට අනුවයි.උදා:ඇමෙරිකාවේ 9k ආභරණවල 37.5% රත්‍රං වුවද 9k අඩු ආභරණ ව්‍යාජ ආභරණ ලෙසයි පිලිගන්නේ.නමුත් ව්‍යාජ ආභරණ වලද මේ ප්‍රමුද්‍රව ව්‍යාජ ලෙස දාන නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.

03.තනි රත්‍රං නොවන බවට ඇති අකුරු -වඩාත් සුලව දකින්නට තිබෙන්නේ GP(gold plated), GF(Gold filled) හා GEP(Gold electroplate) යන අකුරය. මෙයින් අදහස් කරන්නේ ඔබේ ආභරණය රන් ආලේපිත රීදී හෝ තඹ ආභරණයක් බවයි.ආභරණවල අංඛනය නිර්මාණය කල රට අනුව වෙනස් වේ, උදා-ඉන්දියාවේ නිර්මාණය කල ආභරණවල රාජ්‍ය සභාව සදහා ත්‍රිකෝණයක්ද, රත්‍රං ප්‍රමාණය අනුව අංකයක්ද නිර්මාණකරු සදහා අකුරක්ද ඇත.

04.රත්‍රං ගෙවී ගොස් අවපැහැගැන්වීම් ඇත්දැයි බැලීම -ලෝහයක් වුවද රත්‍රං ඉතාමත් සිනිඳු ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා ඔබේ ආභරණවලට නිතරම සමෙහි හෝ වෙනත් දෙයක ඇතිල්ලෙන තැන් ගෙවී ගොස් ඇත්නම් ඒ රන් ආලේපිත ආභරණයක්.

05.පැලදීමෙන් පසු සම මත ඇති පැල්ලම් -රත්‍රං දහඩිය හෝ තෙල් සමග ප්‍රතික්‍රියා නොකරන අතර රීදී වලින් කළු පැල්ලම් ද තඹ වලින් කොළ පැල්ලම් ද දිගු වේලා පැලද සිටිය පසු සමේ දක්නට ලැබේ.නමුත් මතකේ තබාගන්න ගොඩක් රන් ආභරණ රත්‍රං හා තවත් ලෝහ මිශ්‍ර කරලා හදන බව, ඒ නිසා කැරට් 14 ආභරණවලින් වුනත් මේ ආකාරයෙ පැල්ලම් තිබිය හැක.

06.ජලයේ ගිල්වීමේ පරික්ෂණය– භාජනයකට ජලය පුරවා එයට ආභරණය දමන්න.සෑබෑ රත්‍රං ආභරණවලට බර වැඩි නිසා එය වහාම භාජනයේ පතුලට බසිවී.ව්‍යාජ ආභරණ බරින් අඩු නිසා ආභරණය ජලයේ පාවෙන්නේ නම් ඒවා ව්‍යාජ ආභරණ වේ.ආභරණවල යම්කිසි අවපැහැ ගැන්වීමක් තිබේ නම් එය රන් ආලේපිත ආභරණයක් වේ.

07.චුම්බකත්වය-බලැති නියෝඩයිමියම් චුම්බකයක් ආභරණයට මදක් ඉහලින් අල්ලා සිටින විට ආභරණය එවෙත ඇදී එයි නම් එය ව්‍යාජ රත්‍රං ආභරණයකි.නමුත් මල නොබදෙන් වානේ යොදා සාදන ව්‍යාජ ආභරණද චුම්බකයවෙත ඇදෙන්නැති අතර යකඩ වැනි ලෝහ මිශ්‍ර කර සාදන සෑබෑ රත්‍රං ආභරණ චුම්බකයට ඇදෙන නිසත් මේ ක්‍රමය සීයට සීයක් විශ්වසනීය නැත.

08 ඔපනොදැමූ පිගන් ගඩොලක ඇතිල්ලීම -ඔපනොදැමූ පිගන් ගඩොලක ආභරණය ඇතිල්ලුව විට කළු පාරක් හිටි නම් එය ව්‍යාජ රත්‍රං ආභරණයක්, රත්‍රං පාට පාරක් හිටි නම් එය සෑබෑ රත්‍රං ආභරණයකි. මෙයින් ආභරණය චුට්ටක් පළුදු වන නමුත් එය ඉතාමත් සුළුයි.

09.ඝනත්වය පරික්ෂා කිරීම මගින් නියම රත්‍රං හොයගන්න පුළුවන්

9.1 මුළුතැන්ගෙයි තරාදියෙන් ආභරණයේ බර කිරන්න. මෙය අවුන්ස වලින් නොව ග්‍රැම්ස්වලින් විය යුතුය.

9.2 cm හෝ cc ලකුණු කර ඇති ආභරණය දැමිය හැකි මිනුම්කරන භාජනයක අඩක් දුරට ජලය පුරවන්න.

9.3 භාජනයේ ජලය පුරවා ඇති ජල මට්ටම පළමු මට්ටම ලෙසට ලකුණු කරගන්න.

9.4 භාජනයට සෙමින් ආභරණය බස්සන්න, එවිට ඇති නව ජල මට්ටම දෙවන මට්ටම ලෙසට ලකුණු කරන්න.

9.5 දෙවෙනි මට්ටමෙන් පළමු මට්ටම අඩු කර එම අගය සටහන් කර ගන්න.

9.6 දැන් මුලින්ම සටහන් කර ගත් ආභරණයේ බර, මෙම අගයෙන් බෙදන්න. රත්‍රංවල ඝනත්වය එහි ස්කන්ධය පරිමාණයෙන් බෙදා සොයාගත හැක.රත්‍රංවල පිලිගත් ඝනත්වය 19.3g/ml. ඔබේ ආභරණයේ ඝනත්වය මේ අගයට වඩා ගොඩක් වෙනස් නම් එය බොහෝ දුරට ව්‍යාජ ආභරණයක් විය හැක. රත්‍රංවල ඝනත්වයන්

  • 14k ‍රත්‍රං 12.9-13.6g/ml
  • 14k සුදු රත්‍රං 14g/ml
  • 18k රත්‍රං 15.2-15.9 g/ml
  • 18k සුදු රත්‍රං 14.7-16.9 g/ml
  • 22k රත්‍රං 17.7-17.8 g/ml

10.නයිට්ට්‍රික් ආම්ලික නියම රත්‍රං හොයගන්න පුළුවන්

10.1 රත්‍රං පරික්ෂණ කට්ටලයක් මිලදීගන්න. එහිදී විවිධ වර්ගයේ රත්‍රං සදහා අවශ්‍ය වන අම්ල බෝතල් තිබෙවී. ආභරණය ඇතිල්ලීට කුඩා පැතලි ගලකුත් සමග සංසන්දනය කිරිමට රත්‍රං සාම්පල ද තිබේවි.

10.2 ආභරණයේ ඇතුල්පැත්තේ නැතිනම් නොපෙනෙන තැනක් එහි අතුළු ස්ථරය පෙනෙන තෙක් චුට්ටක් තියුණු ආයුධයකින් පළුදු කරන්න. ඉතාමත් වටිනා ආභරණයක් නම් රන් ආභරණකරු ළඟට යාම වඩාත් උචිත වේ.

10.3 අත් දෙකට අත් ආවරණ (gloves) දමා ආභරණය වානේ භාජනයක් මත තබා පළුදු කල තැනට නයිට්ට්‍රික් අම්ලය නැතිනම් එම රත්‍රං වර්ගයට් අදාල අම්ලයෙන් බිංදුවක් දමන්න.
මෙය කොළ පැහැ වුවහොත් එය ව්‍යාජ රත්‍රං ආභරණයකි, කිරි පැහැයක් නම් රන් ආලේපිත ස්ටර්ලිං රිදී, රන් පැහැයක් ගනී නම් රන් ආලේපිත පිත්තලය.

10.4 ඔබේ ආභරණය සෑබෑ රත්‍රං කියා විශ්වාස නම් කට්ටලයේ අති පැතලි ගල මත රන් ඉරක් මතුවන තෙක් ආභරණය අතුල්ලන්න. මෙම ඉර මත තැනින් තැන 24k,22, 18k යනාදී වශයෙන් ඇති නයිට්ට්‍රික් අම්ල බිංදුව ගනනෙ දමන්න.තත්පර විස්සකට පමණ පසු බැලූවිට රත්‍රං ඉර දිය නොවී තිබෙන ස්ථානයට අදාල අම්ලය අනුව ආභරණයේ කැරට් ප්‍රමාණය තීරණය කල හැක.

Continue Reading

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here