ශතවර්ෂ ගණනාවක සිට, පුරාණ චීන වෛද්‍ය විද්‍යාව ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පාද වලට විවිධ ප්‍රතිකර්ම ක්‍රම යොදා ගනු ලබනවා. චීන වෛද්‍ය ශාස්ත්‍රයට අනුව , ඔබේ පාදයේ යටි පතුලෙහි, ශරීරයේ සෑම ඉන්ද්‍රියකටම අනුරූප වන ස්වභාවික ශක්ති කලාප පිහිටා තිබෙන අතර මෙම කලාප උත්තේජනය කිරීම මගින් අනුරූප අවයව/ඉන්ද්‍රියයන්ගේ ඇති විෂ ඉවත් කිරීම සිදු කළ හැකියි. මේ සඳහා විවිධ ක්‍රම රාශියක් ඇති නමුත්, ඒ අතරින් හොඳම ආකාර කීපයක් අප පහතින් ඔබට ඉදිරිපත් කර තිබෙනවා.

අයනික පා දෝවනය (IONIC FOOT BATH)

මෙහිදී සිදුවන්නේ ‘විද්‍යුත්-විච්ඡේදනය’ නම් ක්‍රියාවලිය මගින් ශරීරයේ ඇති විෂ පදාර්ථ ඉවත් කිරීමයි. මෙම ක්‍රියාවලියේදී ශරීරයේ ඇති විෂ රසායන ද්‍රව්‍ය ඇදගැනීමට හැකි රසායනික ප්‍රතික්‍රියාවක් සිදු කළ හැකි විද්‍යුත් ධාරාවක් උපයෝගී කරගැනීම සිදු වේ. ජලයේ ඇති අයන වර්ග පාද වල යටිපතුල් හරහා පහසුවෙන් උරා ගෙන, ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය ඉක්මනින් සහ කාර්යක්ෂම ලෙස ඉවත් වේ. අයනික පා දෝවනයේදී සාමාන්‍යයෙන් භාවිතා කරන උණුසුම් ජලය සහ ලුණු, පාදයේ සිදුරු විවෘත කිරීමත් විෂබීජ විනාශ කිරීමත් සිදු කරයි. එම ජලය, අඳුරු පැහැ වනවා යනු ක්‍රියාවලිය හරියාකාරව සිදුවන බවයි. පහත දැක්වෙන්නේ වඩාත් සාර්ථක අයනික පා දෝවන ආකාර කිහිපයකි.PROMOTED CONTENT

විෂහරණ ලුණු ගල්වනය (SALT DETOX BATH)

අවශ්‍ය ද්‍රව්‍ය

මුහුදු ලුණු සහ එප්සම්(Epsom) ලුණු කෝප්ප 1 බැගින්.
බේකින් සෝඩා කෝප්ප 2ක් හා ඇපල් සයිඩර් විනාකිරි ස්වල්පයක් (ACV)
ඔබේ ප්‍රියතම අත්‍යවශ්‍ය තෙල් වලින් බිංදු කිහිපයක්

සිදු කරන ආකාරය

බඳුනකට ජලය දමා නටවන්න. එයට ලුණු එක් කර හොඳින් මිශ්‍ර කර දියවීමට ඉඩ හරින්න. මෙම මිශ්‍රණය උණුසුම් ජල බඳුනකට දමන්න. එයට ACV සහ තෙල් ස්වල්පය බැගින් දමා , එය තුල ඔබේ පාද ගිල්වා, ඔබේ ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් වීමට විනාඩි 30ක් පමණ තබාගන්න. මෙම ක්‍රියාවලිය අවසානයේ ඔබට වෙහෙස ගතියක් දැනුනත්, එය ඔබේ ශරීරයෙන් විශාල විෂ ප්‍රමාණයක් ඉවත් වීම නිසා දැනෙන සාමාන්‍ය තත්වයකි.

විෂහරණ මැටි ගල්වනය. (CLAY DETOX BATH)

අවශ්‍ය ද්‍රව්‍ය:

එප්සම්(Epsom) ලුණු සහ Bentonite Clay – බෙන්ටෝනයිට් මැටි කෝප්ප ½ බැගින්
ඔබේ ප්‍රියතම අත්‍යවශ්‍ය තෙල් වලින් බිංදු කිහිපයක්PROMOTED CONTENT

සිදු කරන ආකාරය

උණු ජල බඳුනකට ලුණු එකතු කර දියවීමට ඉඩහැර ඉන්පසු තෙල් සහ Clay එකතු කරගන්න. ලී/පොල්කටු හැන්දක් ආධාරයෙන් සියල්ල හොඳින් දිය වන තුරු මිශ්‍ර කරන්න. ඉන්පසු ඔබේ පාද එහි ගිල්වා මිනිත්තු 20-25ක් තබා ගන්න. එමගින් ඔබේ ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් වනවා සේම මැග්නීසියම් ප්‍රමාණය ඉහළ යාමද සිදුවේ.

විෂහරණ ඔක්සිජන් ගල්වනය. (OXYGEN DETOX BATH)

අවශ්‍ය ද්‍රව්‍ය

ඉඟුරු කුඩු මේස හැඳි 1 ක්
හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කෝප්ප 2 ක්

සිදු කරන ආකාරය

මෙය සරල ක්‍රමයකි. බඳුනකට උණුසුම් ජලය ගෙන එයට ඉඟුරු කුඩු හා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එකතු කර ඔබේ පාද එම බඳුන තුල මිනිත්තු 30ක් පමණ ගිල්වා තබන්න. මෙම ක්‍රමය මගින් ඔබේ ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් වනවා සේම සමෙහි අසාත්මිකතා වලටද සහනයක් ලබා දේ.

විෂහරණ පාද රදවන – (FOOT DETOX PADS)

ඔබේ පාද හරහා ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට තවත් පහසු, සරල ක්‍රමයකි. විෂහරණ පාද රදවනය. (FOOT DETOX PADS) ඔබට පහසුවෙන්ම ප්‍රධාන ඖෂධහල් වලින් මිලදී ගත හැකි අතර අවශ්‍ය නම් නිවසේදී වූවද සාදා ගත හැක. මෙම PADS රාත්‍රී නින්දට පෙර ඔබේ පාද වල යටි පතුලෙහි අලවා ගෙන, උදෑසන ඉවත් කරන්න. එම PADS අඳුරු පැහැ වනවා යනු ක්‍රියාවලිය හරියාකාරව සිදුවී ඇති බවයි.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here