එක් පානයක් තුලින් ඔබේ ශරීර බර වේගයෙන් අඩු කර ගන්නට පුළුවන් නම් එය කොතරම් සහනයක්ද ? අද විශ්ම ලෝකයෙන් අපි කියන්න යන්නේ එවැනි පානයක් ගැන. ඔබට මෙය එක වර විශ්වාස කිරීමට නොහැකි උනත් ඇත්තෙන්ම , මෙය ලොව පුරා මිනිසුන් බොහොමයක් සාර්ථක ලෙස බර අඩු කර ගැනීම යොදා ගෙන තියෙනවා. මේ පානය හදන්නත් හරිම ලේසියි. ඒ සදහා ඔබට ගත වෙන්නේ මිනිත්තු කිහිපයක් පමණයි.

100% ස්වාභාවික මේ පානයෙන් වීදුරුවක් , රාත්‍රී නින්දට යාමට පෙර බිව්වොත් ඔබේ ශරීරයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේද තට්ටු දිය වී යන්න පටන් ගන්නවා. ඔබේ උදරය අවට මේදය තැන්පත් වෙලා ඉතාම අවලස්සන විදියට ඉදිරියට නෙරා ඇවිල්ලා නම් , ඒ බඩ අඩු කරන්න මේ පානය කියාපු බෙහෙතක්. ඔබ අපි කියන විදියට හැමදාම රෑට මෙය පානය කරලා , උදෑසන විනාඩි 30ක් එකම වේගයකින් කරන මොනවා හෝ ව්‍යායාමයක් සිදු කලොත්, දින කිහිපයක් තුල ඔබට ප්‍රතිපල දැක ගන්නට ලැබේවී.

අපි නින්දට ගියාම අපේ ශරීරය තුල මේද දහන ක්‍රියාවලිය අඩාල වෙනවා. එවිට සිදු වන්නේ ශරීරයේ සමට යටින් පටක අභ්‍යන්තරයේ මේදය තැන්පත් වීමයි. නමුත් නින්දට යාමට පෙර මෙම ස්වාභාවික පානය පාරිබෝජනය කල විට මේද දහන ක්‍රියාවලිය අප නින්දට ගිය පසුවත් නොනවත්වා සිදු වෙනවා. කොහොමද එහෙම වෙන්නේ ? මෙම පානය තුල අඩංගු වන පෝෂක ද්‍රව්‍ය මගින් අපගේ පරිවෘත්තිය ක්‍රියාවලිය වේගවත් වීම නිසයි එසේ සිදු වන්නේ. අපි දැන් බලමු මේ පානය සකස් කර ගැනීම සදහා අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා.

මේ සදහා අපි යොදා ගන්නා පලවන අමුද්‍රව්‍ය තමයි පිපිඤ්ඤා කියන්නේ. ශරීරය තුල මේද දහනය සදහා ඉතා විශාල කාර්යභාරයක් පිපිඤ්ඤා මගින් සිදු කරනවා. එම නිසාම බර අඩු කිරීම සදහා නිර්මාණය කරන බොහෝ ආහාර පාලන වැඩසටහන් තුල පිපිඤ්ඤා දක්නට ලැබෙනවා. විශාල පිපිඤ්ඤා ගොඩියක් තුල අඩංගු වන්නේ කැලරි 45ක් පමණයි. ඒ වගේම පිපිඤ්ඤා තුල යහමින් තන්තු හා ජලය අඩංගු වෙනවා. මේද දහනය වේගවත් කිරීම සදහා තන්තු හා ජලය අත්‍යවශ්‍යයි. ඒ වගේම පිපිඤ්ඤා ශිත ගුණයෙන් යුක්ත නිසා පිපිඤ්ඤා මගින් මෙම පානයට ලබා දෙන්නේ අමුතුම රසයක්.

පාර්ස්ලි හා කොත්තමල්ලි කොළ තමයි අපි ඊළගට හොයා ගන්න ඕනේ. මේ දෙවර්ගයම කැලරි දහනය සදහා ඉතාම වැදගත් දේවල්. ඒ වගේම මේවා ප්‍රතිඔක්සිකාරක , විටමින් හා ඛනිජ ලවන වලින් පෝසත්. සිරුර තුල පිරි තිබෙන අනවශ්‍ය දියර , පාර්ස්ලි හා කොත්තමල්ලි මගින් ඉවත් කිරීම සිදු කරනවා. මෙමගින් ඉදිරියට නෙරා පිම්බි ඇති ඔබේ උදරය ඉක්මණින්ම පැතලි එකක් කර ගන්න පුළුවන්.

ඉඟුරු තමයි අපි ඊළඟට සොයා ගන්න ඕනේ අමුද්‍රව්‍ය. ඉඟුරු මගින් අපේ පරිවෘත්තිය ක්‍රියාවලිය වේගවත් කරන අතර මලබද්ධය ඇති වීම වළක්වනවා. මේ කාර්යන් දෙකම ශරීර බර අඩු කරගැනීම කියන අරමුණ සාර්ථක කරගැනීමට අත්‍යවශයෙන්ම සිදු විය යුතු දේවල් 2ක්. ඒ වගේම ඉඟුරු මගින්ද නින්දේදී මේද දහන ක්‍රියාවලිය නොකඩවා සිදු කරගෙන යාමට ශරීරයට අවශ්‍ය උත්තේජනයන් සැපයීම සිදු කරනවා.

ඊලඟට ගන්නේ දෙහි යුෂ. දවස ගානේ අපි පාරිබෝජනය කරන ආහාර මගින් අපේ ශරීරයේ ඇතුලේ විෂ සංගටක තැන්පත් වෙනවා. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ ටෝක්සින් කියලා . මේ විදියට දවස ගානේ ටෝක්සින් තැන්පත් වෙලා කාලයක් යනකොට විශාල ටෝක්සින් තොගයක් අපේ ඇඟ ඇතුලේ ඉතුරු වෙනවා. මෙන්න මේ විදියට තැනපත් වෙන විෂ හරණය කිරීමට දෙහි යුෂ කියන්නේ කියාපු දෙයක්. දෙහි යුෂ මගින් ශරීරයේ විෂ තැන්පතු ඉවත් උනාට පසු ඔබට දැනෙන සහනය කියා නිම කර ගන්න බැරි වේවි. ඒවගේම එමගින් කිලෝ ගණනක් ශරීර බර අඩු කර ගන්නත් පුළුවන් වේවි.

අපේ ඊලඟ අමුද්‍රව්‍ය තමයි කෝමාරිකා මද. මෙය බලගතු ප්‍රතිඔක්සිකාරක ගුණෙන් යුතු නිසා පිළිකා ඇති කරන නිදහස් අණු (Free Radicles) නිර්මාණය වීම අවහිර කරනවා. ඒ වගේම නිදහස් අණු නිසාවෙන් ඇති වන ශරීරය අනවශ්‍ය ලෙස ඉදිමීම හා පුරවා දැමීම අවම කරනවා. තවද මෙමගින් පරිවෘත්තිය ක්‍රියාවලිය වේගවත් කර මේද දහන ක්‍රියාවලිය වේගවත් කිරීමද සිදු කරනවා.

දැන් අපි බලමු ඉහත අමුද්‍රව්‍ය කිහිපය යොදා ගෙන මෙම විශ්මිත පානය සකස් කර ගන්නේ කොහොමද කියල

අවශ්‍ය ද්‍රව්‍ය

මධ්‍යම ප්‍රමාණයේ දෙහි ගෙඩියක්
මධ්‍යම ප්‍රමාණයේ පිපිඤ්ඤා ගෙඩියක්
ගා ගත් ඉඟුරු මේස හැන්දක්
සුරා ගත් කෝමාරිකා මේස හැන්දක්
පාර්ස්ලි හා කොත්තමල්ලි කොළ මිටක්
වතුර විදුරු භාගයක්

සාදා ගන්නා ක්‍රමය හා භාවිතා කරන ආකාරය

මේ සියල්ල බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොදින් අඹරා ගන්න. සෑම දිනකම නින්දට යාමට පෙර මින් වීදුරුවක් පානය කරන්න.

මෙම පානය ගන්නා කාලය තුල උදෑසන මිනිත්තු 30ක් ව්‍යායාම වල නිරත වීමටද අමතක කරන්න එපා. එහෙනම් ඔබත් මෙම පානය භාවිතා කර ශරීර බර අඩු කර ගන්න. උදැසන ඉතාම ජවසම්පන්නව අවදි වී දවස ජය ගන්න. ප්‍රතිපල ඔබට දින කිහිපයකින්ම දැක ගන්නට ලැබේවි.

මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් කියා සිතුනා නම් තවත් කෙනෙකුට බලන්න ශෙයා කරන්න

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here