තරුණියකගේ දෙතොල් නිතර නිතර වියළීමට, කළු පැහැති වීමට මෙන්ම දෙතොල් පැළී තුවාල වීමට ලක්වේ නම් එය ඇයගේ සුන්දරත්වයට හානියක් වෙනවා මෙන්ම  ඇයට මානසිකව පීඩනයක් ඇතිවීමට හේතුවෙනවා. අපි කවුරුත් කැමතියි රෝස සුමුදු තොල් තියෙනවා නම්.
තොල් කළු වුනාම මුහුණට ලොකු අඳුරු ගතියක් එනවා. කොච්චර සුදු වුනත් තොල් කළුයි නම් හරිම කැතට ඒක පේනවා. තොල් කළු වීමට හුඟක් හේතු බලපානවා. අව්වට පිච්චීම, ස්ට්‍රෙස්, බාල වර්ගයේ ලිප්ස්ටික්, ලිප්ස්ටික් නියමාකාරයෙන් ඉවත් නොකිරීමෙන්, සිගරට් බීම, බුලත් කෑම, කාලගුණය, කාර්ය බහුල ජීවිතයක් ගත කිරීම, රුධිර සංසරණය නියමාකාරයෙන් සිදු නොවීම, අවශ්‍ය පමණට වතුර නොබීම,වැනි හේතු පෙන්වා දෙන්න පුළුවන්.
ඔයාලා ස්වභාවිකවම ලස්සන සිනිඳු රෝස පැහැති තොල් වලට ආසා නම්, ඒ වෙනුවෙන් සත්කාර කළ යුතුයි. මේ සඳහා සල්ලි හුඟක් වියදම් කරන්නට අවශ්‍ය නැහැ. ගෙදර තියෙන දේවල්වලින් මේකට හොඳ විසඳුමක් ලබාන්න පුළුවන්.

තොල් දෙක තෙත ගතියට තියාගැනීම වැදගත්.

අපි හැමෝගෙම තොල්වල සිබම් කියන තෙල් වර්ගය (sebum) හරිම අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි නිතරම අපේ තොල් moisturize කර ගත යුතුයි. ඔයාලා එළියට යන විට, ‍‍ පෙට්‍රෝලියම් ජෙලි [petroleum jelly] වැස්ලින් හෝ ලිප් බාම් එකක් පාවිච්චි කළ යුතුමයි. නිවස තුළ සිටින විට cocoa butter වගේ දෙයක් ගාන්න පුළුවන්.

පිපිඤ්ඤා juice ආලේප කිරීම

තොල් රෝස පැහැ කර ගැනීමට ගෙදරදි කරගන්න පුළුවන් තවත් පහසු දෙයක් තමයි පිපිඤ්ඤා juice ගෑම. පිපිඤ්ඤා සිහිනියට කපා ගෙන තොල් උඩ තියාගන්න. එම juice එක තොල්වලට හොඳට උරාගන්න දෙන්න. දිනපතාම විනාඩි 5ක් මෙය කළොත් තොල්වල තියෙන අඳුරු ගතිය අඩුවෙලා රෝස පැහැති තොල් දෙකක් ලබාගන්න පුළුවන්.

ලෙමන් juice වලින් massage කිරීම

මෙයට අවශ්‍ය වෙන්නේ ලෙමන් ගෙඩියක් හා සීනි ටිකක් පමණයි. ලෙමන් ගෙඩිය පෙති කපාගෙන එය මතට සීනි ඉසින්න. එය තොල් මත scrub කරන්න. මෙය හැමදාම නින්දට පෙර කළ හැකි නම්, ලොකු වෙනසක් පෙනේවි. ලෙමන්වල ස්වභාවික බ්ලීච් එකක් තියෙනවා. ඒකෙන් තොල් දෙකේ පාට, ලා පාට (light) වෙනවා. ඒ වගේම සීනිවල තියෙන රළු ගතිය නිසා තොල් දෙකේ තියෙන මැරුණු සම ඉවත් වෙනවා. මේ නිසා තොල් දෙක හොඳට සිනිඳු වෙනවා.

මී පැණි, ආමන්ඩ් තෙල් (හෝ ඔලිව් තෙල්) සහ සීනි

මී පැණි, ආමන්ඩ් හෝ ඔලිව් තෙල්වලට සීනි මිශ්‍ර කරන්න. මේ පේස්ට් එක මිනිත්තු 10ක් පමණ හොඳට circular (රවුමට) තොල්වල massage කරන්න.

Toothpaste වලින් scrub කරන්න

මෙම ක්‍රමය නම් හරිම ලේසියි. මොකද අපි හැමෝම හැමදාම දත් මදිනවනේ. දත් මැද්දට පස්සේ හෙමින් සැරේ තොල උඩ tooth brush එකෙන් හෙමින් පිරිමදින්න. නමුත් හරිම සියුම් විදිහට තමයි මෙය කළ යුත්තේ. නැත්නම් තොල් තුවාල වෙන්න පුළුවන්. ඒ වගේම external layer එක (පිටස්තර ස්ථරය) අපි අතින් අයින් වෙන්න පුළුවන්. එයින් වෙන්නේ තොල් තවත් කළු වීමයි. ඒ නිසා මෙය ඉතාම සියුම්ව කරලා බලන්න. ඒ වෙලාවෙම ඔයාලට තේරෙයි තොල්දෙක හොඳට scrub වෙලා කියලා. ඊට පස්සේ කැමති නම් වැස්ලින් ටිකක් හරි ලිප් බාම් එකක් හරි තොල් දෙකේ ගාන්න පුළුවන්. මේක හැම තිස්සෙම කරන්න එපා.

නින්දට පෙර Make up ඉවත් කිරීම

ඇත්තම කියනවා නම් හුඟක් දෙනෙකුගේ තොල් කළු වීමට බලපාන ප්‍රධානම හේතුව මේකයි. නින්දට පෙර හරියාකාරව make up අයින් කරන්නේ නැහැ. නින්දට පෙර cleanser එකකින් නැත්නම් පුළුං කෑල්ලක්ට ආමන්ඩ් හරි ඔලිව් ඔයිල් හරි වැස්ලින් හරි තවරා තොල් දෙක මත හොඳට massage කරලා make up අයින් කරන්න.
අපි කොච්චර හොඳට මුහුණ සේදුවාද කියලා හිතුවත්, පිසගත් පුළුං කෑල්ලේ තියෙන කුණු දැක්කම ඇත්තටම අපිටම පුදුම හිතෙනවා, අපේ තොල් දෙකේ මෙච්චර කුණු තිබුණද කියලා. අපි උදේ ඉඳලා ගාගෙන හිටපු ලිප්ස්ටික්, කාපු කෑම, බීපු පාට පාට බීම ඔය සේරම දේවල් මේ ක්‍රමයෙන් ඉවත් වෙනවා.
දිනපතා වැඩිපුර ජලය පානය කර ශරීරයේ නිසි තෙතමනය පවත්වා ගත යුතුයි.
විටමින් ‘ඒ’ අඩංගු කැරට්, තක්කාලි, කොළ, එළවළු  හා පලාවර්ග වැඩි වැඩියෙන් ආහාරයට ගත යුතුයි.
තද සූර්යාලෝකයට නිරාවරණය වීම වැළැක්වීම සඳහා නිවෙසෙන් බැහැරව යන විට සුදුසු තොල් ආලේපනයක් Sun screen භාවිත කිරීම.
රාත්‍රි කාලයේදී දෙතොලෙහි සුදුසු Lip balm එකක් ආලේප කිරීම.
කෘත්‍රිම තොල් ආලේපනවලින් ඉවත්වී ස්වාභාවික ඖෂධීය ද්‍රව්‍යවලින් සාදාගත් තොල් ආලේපන භාවිත කිරීමෙන් මෙම තත්ත්වය මඟහරවා ගත හැකිය.

රෝස පාට දෙතොලක් සදහා තවත් ක්‍රම,

මෙහි දක්වා ඇති සරල එමෙන්ම ආරක්ෂාකාරී ඖෂධ භාවිතයෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.
ගිතෙල් ස්වල්පයක් සමඟ කහ කුඩු මිශ්‍රකර දෙතොලේ  ආලේප කර පැයක් පමණ තිබෙන්නට හරින්න. මෙය දිනපතාම  භාවිත කිරීමෙන් දෙතොලෙහි කළු පැහැය ඉවත් වී රෝස  පැහැයක් ක්‍රමයෙන් ඇතිවේ.
රතු රෝස පෙති ගිතෙලින් අඹරා දෙතොලේ ආලේප කිරීමෙන්ද ඉහත ප්‍රතිඵල ලබාගත හැකිය.
මී පැණි, ජලය, ග්ලීසරීන් හා Almond oil සම ප්‍රමාණයෙන් ගෙන බෝතලයකට දමා හොඳින් මිශ්‍රකර  ගන්න. මෙම මිශ්‍රණයෙන් ස්වල්පයක් දිනපතාම දෙතොලෙහිම ආලේප කිරීමෙන් රෝස පැහැති දීප්තිමත්ව තොල් සඟලක් ඇතිවේ.දෙතොලෙහි රාත්‍රියට එඬරු තෙල් ස්වල්පයක් ආලේප කර පිරිමදින්න. එවිට දෙතොල් මෘදු වී පැහැපත් වේ.

දෙතොල් වියළීම වැළැක්වීමට මෙසේ කරන්න.

දෙතොලේ තෙතමනය ආරක්ෂා කර වියළීම වළක්වා ගැනීම සඳහා පහත සඳහන් ප්‍රතිකාර ඉතා සාර්ථක වේ.මී පැණි ස්වල්පයක්  ආමන්ඩ් ඔයිල් සමඟ මිශ්‍රකර දෙතොලේ අලේප කර පිරිමදින්න.
මී පැණි සමඟ වැස්ලින් ස්වල්පයක් මිශ්‍රකර  දෙතොලේ ආලේප කර විනාඩි 10-15ක් පමණ  තිබෙන්නට හැර වතුරින් පෙඟවූ පුළුන් කැබැල්ලකින් තොල් පිසදමන්න.
කෝමාරිකා මද ස්වල්පයක් දෙතොලෙහි ආලේප කරන්න.
ග්ලිසරීන්, දෙහි යුෂ, එඬරු තෙල් ස්වල්පයක් බැගින්  එකට මිශ්‍රකර රාත්‍රියේදී දෙතොලෙහි ආලේප කර පසුදා  උදෑසන තෙත රෙදි කඩකින් මෘදුව පිසදමන්න.
මෙම ප්‍රතිකාර දින කිහිපයක් නොකඩවා කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

දෙතොල් පැළීම වැළැක්වීමට

නිතර නිතර දෙතොල් පිපිරී තුවාල වීම වේදනාවක් මෙන්ම මානසික වධයකි.  එමෙන්ම එය සුන්දරත්වයටද බාධාවකි. මෙය වැළැක්වීම සඳහා පහත සඳහන් ප්‍රතිකාර දින කීපයක් නොකඩවා  කිරීමෙන් උපරිම ප්‍රතිඵල ලබාගත හැකිය.
පොල් තෙල් ස්වල්පයක් දෙතොලෙහි ආලේප කරන්න.
එළකිරි උණුකරන විට ඇතිවන කිරි යොදය දෙතොලෙහි ආලේප කරන්න.
මී පැණි ස්වල්පයක් රාත්‍රියේදී දෙතොලේ ආලේප කරන්න. මී පැණි හොඳ මොයිස්චර්රයිසර් එකකි. එමෙන්ම ක්‍ෂුද්‍ර ජීවී නාශකයකි. මී පැණි  පහසුවෙන් නරක් නොවේ. මේ නිසා  තොල් පැළීම පහසුවෙන් සුව වේ.
මී පැණි  ස්වල්පයක් විටමින් E කරලක් මිශ්‍රකර දෙතොලෙහි ආලේප කිරීමෙන්ද තුවාල සුව වී කළු පැහැයද ඉවත් වේ.
දිනකට  කීපවරක් පිපිඤ්ඤා පොත්තක් දෙතොලෙහි ඇතිල්ලීමෙන්ද තුවාල සුව වේ.
සතියකට  කීපවරක් පොල් වතුර  හෝ කුරුම්බා වතුර පානය කිරීමෙන්ද දෙතොල් පැළීම මඟහැරී යයි.Olive තෙල් ස්වල්පයක් වැස්ලීන් සමඟ මිශ්‍රකර ආලේප කිරීමෙන්ද දෙතොල් පැළීම සුවවේ.
ආයුර්වේද ප්‍රතිකාරවලදී නම සඳහන් වන පිණ්ඩතෙල්ද ‍දේතොල් පැළීම වැළැක්වීම ඉතා හොඳ ඖෂධයකි.
මෙවැනි  සරල ප්‍රතිකාරවලින්  දෙතොල් ආශ්‍රිත රෝග රැසකට  සහනය සැලසෙනවා පමණක් නොව  අති සුන්දර  තොල් සඟලක් ලබා ගැනීමටත් එය හේතු වෙනවා.


Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here