අක්මාව ශරීරයට ඇතුළු වන විෂ වර්ග ඉවත් කරමින්, හෝර්මෝන නිපදවමින් විශාල කාර්යභාරයක් ඉටුකරලනු ලබයි. එමෙන්ම ආහාර ජීර්ණයේදී ද දායකත්වයක් දක්වයි. මේ අක්මාව නීරෝගීව පවත්වා ගැනීම අප සැමගේ වගකීමකි.

බ්‍රොකොලි – මේවායේ ඇති කොළ පැහැයට හේතු වී ඇත්තේ එහි අන්තර්ගත හරිතලව හා ප්‍රතිඔක්සිකාරකයනුයි. තන්තු බහුල ආහාරයක් වන මෙමඟින් ශරීරයේ විශ ඉවත් කරලනු ලබයි. එමෙන්ම එන්සයිම නිපදවීමේ ක්‍රියාවලියටද උපකාරී වේ.

බීට්රූට් – මේවා මඟින් ඔබගේ රුධිරය පිරිසිඳුු කරලනු ලබන අතර අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි කරවයි. තන්තු වලින් පොහොසත් වගේම ප්‍රතිඔක්සිකාරක, යකඩ හා තවත් බොහෝ පෝෂ්‍ය පදාර්ථ වලින්ද අනූන වේ.

ධාන්‍ය – මේවායේද විෂ බැහැර කරවන තන්තු බහුල වේ. ශරීරය තුළ ප්‍රොටීන නිපදවීමද සිදු කරයි.

දෙහි- Vitamin C හා ප්‍රතිඔක්සිකාරක බහුල බැවින් අක්මාවේ ක්‍රියාකාරීත්වයට ආධාර කරයි. විෂ බැහැර කරවයි. ජීර්ණය හා බහිස්‍රාවය පහසු කරවයි.

ඇපල් – ඇපල් මඟින් ශරීරයට පෙක්ටීන් මෙන්ම තවත් ශරීර අභ්‍යන්තරය පිරිසිඳු කරවන පදාර්ථයන් දායක කෙරේ.

බතල- බතල වල බීටා කැරොටීන් අන්තර්ගත වේ. එමෙන්ම මෙය අක්මාවට හිතකර ආහාරයක් වේ.

ළූණු – ළූණු වල අන්තර්ගත allicin නිසා එය ජීර්ණ පද්ධතියට හා අක්මාවට හිතකර වේ.

සුදුළූණු- මෙමඟින්ද අක්මාවට බෙහෙවින් හිතකර allicin දායක කරයි. සුදුළූණු මඟින් රුධිරය පිරිසිඳු කරවනවා මෙන්ම පෝෂණය කරවයි. එය ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටද යහපත් වේ.

අලිගැටපේර- අලිගැටපේර මෙන්ම ආමන්ඩ් හා walnuts වලද ශරීරයට අවශ්‍ය හිතකර මේද වර්ග අඩංගු වේ.

ගෝවා- මේවාද ඔබගේ අක්මාවට යහපත් වේ.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here