බිත්තර සාරය වලිනුත් කළු තිත් ඉවත් කරන්න පුළුවන්. බිත්තර දෙකක කහමදය වෙන් කරගෙන එය මුහුණේ ආලේප කරන්න. විනාඩි දෙකක් විතර තියලා වේළුණාට පස්සේ ඒ මතින් සුදු මදය ආලේප කරන්න. මෙහෙම විනාඩි 10ක් 15ක් ඉඳලා මඳ උණු වතුරෙන් සෝදා හරින්න. මෙහෙම කළාම මුහුණ සුමුදු වෙලා පැහැපත් වෙනවා.

කළු තිත් ඉවත් කරන තවත් ක්‍රමයක් තමයි යෝගට් එක්ක ඕට්ස් ආලේප කරන එක. යෝගට් මේස හැඳි තුනකට ඕට්ස් මේස හැඳි තුනක් දෙහි බිංදු කීපයක් එක්ක කළවම් කරලා ඇඟිලි තුඩුවලින් කළු තිත් තියෙන තැන්වල හොඳින් ආලේප කරලා විනාඩි දහයකින් විතර මඳ උණු වතුරෙන් සෝදා හරින්න.

අයඩින් සහිත එප්සම් ලුණු ටිකක් අරගෙන, එහෙමත් නැත්නම් එප්සම් ලුණු ටිකක් අරගෙන අයඩින් බිංදු කිහිපයක් දාලා අරගෙන උණු වතුරේ සම්පූර්ණයෙන් දිය කරන්න. ඊට පස්සේ පිරිසිදු පුළුන් රෙදි කෑල්ලක පොඟවලා අරගෙන කළු තිත් තියනෙ තැන්වල හොඳින් තවරන්න. ටිකක් වෙලා තියලා වේළුණාට පස්සේ මඳ උණුවතුරෙන් සෝදලා දාන්න.

තියෙන blackheads අයින් කරන්නටත් අලුතෙන් එන blackheads නවත්තන්නත් පුළුවන් හොඳ විදිහක් බිත්තර සුදු මදේ කියන්නේ. මුහුණේ තියෙන සිදුරු තද වීමක් බිත්තර සුදු මදෙන් සිදු වෙනවා. බිත්තර සුදු මදයේ පෝෂණ පදාර්ථ තියෙන නිසා ඔයාගේ මුහුණ වේලීම අඩු කරනවා.මේ ප්‍රතිකාරය කරන්න බිත්තර සුදු මදයක්, මුහුණ පිහිදාන ටිෂූ, කුඩා බදුනක්, පිරිසිදු තුවායක් අවශ්‍යයි.මුහුණ හෝදලා වතුර තෙතමාත්තු කරලා බිත්තර සුදු මදය මුහුණේ ගාන්න. එයට උඩින් ටිෂූ අලවන්න. ඒ විදිහට මුළු මුහුණේම ටිෂූ අලවලා වේලෙන්න අරින්න. මේ විදිහට තුන් පාරක් බිත්තර සුදු මදයද ටිෂූ තට්ටුවක්ද අලවන්න. මෙය වේලෙන්නට අරින්න ඊට පසු මුහුණට තද ගතියක් දැනෙයි. පසුව ටිෂූ අයින් කරන්න පිරිසිදු වතුරෙන් මුහුණ සෝදන්න. සතියකට දෙපාරකට වැඩිය කරන්න එපා.

ජල වාෂ්ප වලට සිදුරු වල තියෙන තෙල් සහ මැරුණ ශෛල අඩු කරන්න පුළුවන් නිසා ඔයාගේ මුනුහේ තියෙන blackheads නැති කරන්න ජල වාෂ්ප හොඳ විදිහක්.

ඔයාට ඒකට ඕන වෙන්නේ ලොකු බඳුනක් වතුර සහ පිරිසිදු තුවායක්. බඳුනට රත් වුණු වතුර දලා ටික වෙලාවක් සිසිල් වෙන්න දීලා, විනාඩි 10ක් විතර මුහුණ ස්ටීම් කරන්න. ජල වාෂ්ප තුවයෙන් එලියට යන්න දෙන්න එපා. පසුව උණු වතුරෙන් මුහුණ හෝදන්න. එකෙන් ඔයාගේ මැරුණ සම සහ Blackheads අයින් වෙනවා.

දහදිය දානවා කියන්නේ සමේ ලෙඩ වලට හොඳ පිලියමක්. දහදිය දානකොට සමේ සිදුරු වල තියෙන ඕනෑම දෙයක් අයින් වෙනවා. දහදිය දාන්න නම් ව්‍යායාම කරන්න ඕනේ. ව්‍යායාම කරන්න කලින් මුහුණ හොඳට සෝදන්න. make up එක්ක ව්‍යායාම කරොත් ඔයාගේ මුහුණේ සිදුරු වලට විෂබිජ යනවා. ව්‍යායාම කරාට පස්සෙත් මුහුණ හොඳට හෝදන්න. දහදිය මුහුණේ වියලුනාම සිදුරු වල දහදිය තැන්පත් වෙනවා. ඒක නිසා ඔයා ව්‍යායාම කරන්න කලිනුත් පස්සෙත් හොඳට මුහුණ හෝදලා පිසිද ගන්න.

දෙහි යුෂ කියන්නේ ඉතා හොඳ ටෝනර් එකක්. දෙහි යුෂ නිසා ඔයාගේ සමට පැහැපත් පෙනුමක් ගෙනල්ලා දෙනවා. ඔයා ඉර එලියේ ගැවසෙනවා වැඩි නම් අනිවාර්යයෙන් sun cream එකක් පාවිච්චි කරන්න.මේ ප්‍රතිකාරය කරන්න පුළුන් සහ දෙහි ගෙඩියක් අවශ්‍යයි. මුහුණ සෝදා පුළුන් කෑල්ලට දෙහි යුෂ සහ වතුර බිංදු කිහිපයක්ද එකතු කරමින් මුහුණේ ගාන්න. නිදාගන්න කලින් දෙහි යුෂ සත්කාරය කරලා, පසුදා උදයට මඳ උණුසුම් වතුරෙන් මුහුණ සෝදන්න. සතියට තුන් හතර පාරක් කරන්න. ඔයාගේ මුහුණට හොඳ ප්‍රතිපලයක් ගෙනල්ලා දෙයි.

තක්කාලි යුෂ වල විටමින් C සහ විටමින් A තියෙන නිසා ඔයාගේ මුහුණේ වැඩිපුර තෙල් ඉවත් කරන අතර ඔයාගේ සමට පෝෂණය ලබා දෙනවා . පොඩි තක්කාලි ගෙඩි දෙක තුනක් අරගෙන බ්ලෙන්ඩ් කරලා ඔයාගේ මුහුණේ Blackheads ඇති තැන් වල ආලේප කර විනාඩි 15 කට පසු සිසිල් ජලයෙන් සෝදන්න.

ලුණු ලෙමන් සහ වතුර-ලෙමන් යුෂ මේස හැදි 1/2 ක් වතුර මේස හැදි 1ක් සහ ලුණු මේස හැදි 1ක් එකට මිශ්‍ර කරන්න.බ්ලැක් හෙඩ්ස් ඇති තැන්වල ආලේප කර විනාඩි 2-4ක් මසාජ් කරන්න. ඉන්පසු මද උණු වතුරෙන් සෝදා හරින්න.ඉන්පසු ටික වෙලාවකින් මුහුණ සිසිල් වතුරින් සෝදන්නමෙයින් සමේ ඇරුණු කූපයන් නැවත වසා දමයි. ලුණු සහ ලෙමන් වල ආම්ලික සහ බැක්ටිරියා විරෝදී ගුණ සමේ කූපයන් අවහිර වීම වලක්වයි.

බිත්තර සුදු මදය සමග මීපැණි මේස හැදි 1ක් මිශ්‍ර කර ආලේපනයක් සාදා ගන්න. අවශ්‍ය තැන්වල ආලේප කර විනාඩි 30ක් වේලෙන්නට හරින්න. ඉන්පසු මද උණු වතුරෙනුත් සෝදා හරින්න.

වතුරෙන් බින්දු කිහිපයක් බේකින් සෝඩා ටිකකට එකතුකර ආලේපනය සාදා ගන්න. අවශ්‍ය තැන්වල එය ගලවා සමට හානියක් නොවන ලෙස හිමින් මසාජ් කරන්න.ඉන්පසු මද උණු වතුරෙනුත් සෝදා හරින්න.

ලෙමන් යුෂ සහ ඔලිව් ඔයිල් සත්කාරය -මෙම මිශ්‍රණය හදා ගෙනද බ්ලැක් හෙඩ්ස් වලට ප්‍රතිකාර කරන්න පුළුවන්.

  • ලෙමන් යුෂ සහ ඔලිව් ඔයිල්
  • ඇපල් සීඩර් විනාකිරි
  • ග්‍රීන් ටී කොළ සහ වතුර
  • යෝගට් සහ ඕට් මීල්(oatmeal)
  • දත් බෙහෙත්
  • ලෙමන් යුෂ සහ කුරුදු කුඩු

මුහුණ සැම වෙලේම අල්ලන්නේ නැතිව සිටීම, මුහුණ හොදින් පිරිසිදුව තබා ගැනීම මෙන්ම කොට්ට සහ ඇඳ ඇතිරිලි නිරතුරුව සෝදා පිරිසිදුව තබා ගැනීමද බ්ලැක් හෙඩ්ස් වැනි සමේ කරදර වලින් මිදී සිටීමට උදවු වේ.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here