හොඳින් ඉදුණු ආනමාලු කෙසෙල් ගෙඩියක් ගෙන එය හොඳින් පොඩිකර එයට තල තෙල් මේස හැඳි දෙකක් එකතුකර මීපැණි තේහැන්දක් සමඟ මිශ්‍රකර කොරළ ඇති ස්ථානවල ආලේපකර වියළුණාට පසු සෝදා හරින්න.

මුං ඇට ස්වල්පයක් ගෙන එය එළකිරිවල පැය 24 ක් පමණ කාලයක් පෙඟෙන්නට හැර එය අඹරා ගන්න. දැන් එය මී පැණි සහ කෝමාරිකා යුෂ සමඟ මිශ්‍රකර එම ස්ථානවල ආලේපකර වියළුණාට පසුව සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.

අලිපේර ගෙඩියක මදය එළඟිතෙල් සමඟ මිශ්‍රකර තලපයක් සේ සාදා එය කොරළ ඇති ස්ථානවල ආලේපකර වියළුණු පසුව සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.

මඳක් රත්කර ගත් තල තෙල්, මී පැණි, අබ තෙල් තේ හැන්දක් සමඟ මිීශ්‍රකර කොරළ ඇති ස්ථානවල ගල්වා හොඳින් සම්බාහනය කරන්න. මෙය සතියකට දින තුනක්වත් සිදු කළ යුතුයි.

සතියකට දින තුනක්වත් ගිතෙල් තේ හැන්දක් උදේ ආහාර වේලට එකතුකර ගන්න.

ඖෂධීය පාන වර්ග, දියර වර්ග ගැනීම මෙන්ම පෝෂණීය ආහාර වේලක් ගැනීම ද සිදු කළ යුතුයි. වැස්ලින් ආලේප කිරීමත් සමේ වියළි බව වළක්වා ගැනීමට වැදගත් වේ.

කොරළ සහිත බව වගේම සමේ වියළි බව අවම කරගන්නත් ඔලිව් තෙල් කියන්නේ හොඳ ඖෂධයක්. රාත්‍රී නින්දට පෙර කකුල්වල, අත්වල ඔලිව් තෙල් ආලේප කරන්න. එහෙම නැත්නම් ඔයාට මේ වෙනුවට එඩරු තෙල් හෝ ආමන්ඩ් තෙල් වුනත් පාවිච්චි කරන්න පුළුවන්.

මේ වගේ තත්ත්වයක් ඇති වුණු කෙනෙක් තමන්ගේ සමේ තෙතමනය ආරක්ෂා කරගන්න එක ගැන ගොඩක් හිතන්න ඕන. ඒ නිසා අනිවාර්යෙන් වැඩිපුර වතුර නම් බොන්නම ඕනේ. එහෙම නැතුව නම් ඔය තත්වය අවම කරගන්න එක ඒ තරම් ලේසි වෙන්නේ නෑ. සමේ වියළි බව වැඩි වෙද්දී මේ තත්ත්වය වැඩිවෙනවා. ඒ නිසා වතුර වගේම දියරමය ආහාර, පලතුරු වර්ග, පලතුරු යුෂ තමන්ගේ ආහාර වේල් අතරට එකතු කරගන්න.

කෝමාරිකා කියන්නේ සමේ තෙතමනය ආරක්ෂා කරන්න පුළුවන් හොඳ ඖෂධයක්. කෝමාරිකා මදය සූරලා අරගෙන එය සම මත ආලේප කරන්න විනාඩි 30කින් විතර ඉවත් කරන්න.

කොහොඹ තෙල් කියන්නෙත් සමේ කොරල බව අවම කර කරගන්න තියෙන හොඳ ඖෂධයක්. කොහොඹ තෙල් ස්වල්පයක් අරගෙන සම මත ආලේප කර හොඳින් සම්බාහනය කරන්න. දිනපතා එම සත්කාරය කිරීම මගින් සමේ වියළි බව වගේම කොරළ සහිත බව අවම කර කරගන්න පුළුවන්. එහෙම නැත්තන් කොහොඹ කොළ බ්ලෙන්ඩර් කරලා ලබාගත් යුෂ ආලේප කිරීමත් ඉතාමත් හොඳයි.

ඔලිව් තෙල් ඔලිව් තෙල් වල අඩංගු ඇන්ටිඔක්සිඩන්ට් සහ සෞඛ්‍යමත් මේද වර්ග නිසා ඒවා සම මත ආලේපය ඔබේ සමට එය බෙහෙවින් හිතකරයි.

යොදය සහිත කිරි කිරි වල ඇති තෙතමනය නිසා ඒවා පානය සහ ආහාරයට ගැනීම, සිරුරේ වියලි සහ කසන තත්වය පහ කරන්නට උපකාර වනවා. කිරි වල ඇති ලැක්ටික් ඇසිඩ් වල පරිපුර්ණ බව නිසා තෙතමනය සම මත රඳවා තබන්නටද හැකි වන අතර සමේ දිප්තියද වර්ධනය කරනවා.

යෝගට් යෝගට් යනු සම රැකගන්නට භාවිතා කරන්නට පුළුවන් හොඳම අත් බෙහෙතක්. කිරි වලින් සහ යොදයෙන් කුමක් හෝ ප්‍රථිපලයක් ලබා දෙනවා නම් ඒ සියල්ලම අප ආහාරයට ගන්නා සහ සමේ ආලේප කරනා යෝගට් වලිනුත් ලබා දෙනු ඇත.

පොල්තෙල් පොල්තෙල් යනු වියලි සමකට හොඳම ප්‍රතිකාර ක්‍රමයක්. රාත්‍රී නින්දට පෙර අත් සහ කකුල් වල ආලේප කිරීමෙන් වියළි බව නැතිකර සුමුදු සමක් ලබාගත හැකියි.

කෝමාරිකා කෝමාරිකා යනු සමකට ලබා දෙන්න පුළුවන් හොඳම බෙහෙතක්. හදිසි අනතුරක් නිසා සම පිලිස්සුනද කෝමාරිකා ඒ පිළිස්සුනු තැනට ගෑමෙන් මැරුණු සම ඉවත් වී අලුතින් සම නිපදවෙන්න පටන් ගනු ඇති.

මොයිස්චරයිසර් ස්වාභාවිකව අලෙපනයක් නොවුවද හොඳ ප්‍රමිතියකින් යුත් මොයිස්චරයිසරයක් සැම විටම සමේ අලේප කල යුතුය. ඔබේ මල්ලේ මෙම බෝතලයක් ළඟ තබා පවුලේ අයගෙත් හැකි සම විටම අලේප කිරීම පුරුද්දක් කරගත හැකියි.

Continue Reading

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here