ආහාර බඳුන් සැකසීමටත් සැරසීමටත් , රසකාරකයක් ලෙසටත් යොදාගන්නා කොත්තමල්ලි කොළ, බත් , සලාද , සම්බෝල , චට්ති සුප්, බීම යනාදි විවිධ මාර්ගවලින් ආහාර පානවලට එක්කොට ගෙන එහි වාසි සිරුරට අත් කරගත හැකියි.දාහය නිවන්නක්, ආහාර රුචිය වඩන්නක්, රුධිරය පිරිසිදු කරන්නක්, සම පැහැපත් කරන්නක්, හා තරුණ පෙනුම රඳවා තබන්නක් මෙන් ද කොත්තමල්ලි කොළ ක්‍රියාත්මක වනවා.කොත්තමල්ලි කොළ. ආසවනය කොට ලබාගන්නා තෙල් වලින් සුවඳ විලවුන්ද නිපදවනු ලබනවා .

කොත්තමල්ලි කොළ සමේ රෝග සුවකර සම රැලි වැටීම් වළකා සමෙහි තෙත් බව රැක දෙනවා.සමේ තුවාල පමණක් නොව මහාන්‍ත්‍ර තුවාලද සුවපත් කර දෙනවා.සිරුරේ අසාත්මිකතා අඩුකරලනවා.මුත්‍රා මාර්ගයේ , මුත්‍රාශයේ, ආසාදිත අවස්ථාවලදී උපකාරීවනවා.දෙවන වර්ගයේ දියවැඩියාව පාලනයකර දෙනවා.එය ආහාර මාර්ගයේ ප්‍රදාහයන් හා උදර වේදනා,දැවිලි දුරු කරන්නක්. වමන බඩ පුරවා.දැමීම් වළක්වන්නක්.ආහාර ජීර්ණය පහසු කරන්නක්.
පිපාසය නිවන්නක්.එසේ ම ඇස්වලට හිතකරයි.මුඛ රෝග සුවපත් කරනවා.උණ, හා පීනසට එරෙහිව ප්‍රතිචාර දක්වනවා.නීරක්තිය දුරු කරනවා.

අස්ථි ආරක්ෂා කරදෙමින් ආතරයිටිස් ඔස්ටියෝ පොරෝසිස් රෝග පාලනයකරනවා, වියපත්වූ විට ඇතිවන සන්ධි අපහසුතා අවමකර දෙනවා.කොත්තමල්ලි කොළ ස්වල්පය බැගින් නිතර අනුභවයෙන් රත් පිත් හර්ද රෝග අධි රුධිර පීඩනය පාලනය වන බවත්,කොලෙස්ටරෝල් යහපත් මට්ටමක තබා ගැනීමට කොත්තමල්ලි කොළ උපකාරීවන බව ත් පර්යේෂණවලින් හෙළිවී තිබෙනවා.ඒ අනුව කොත්තමල්ලි කොළ ග්‍රෑම් 5 බැගින් නොකඩවා දින හැටක් ආහාරයට ගැනීමෙන් රුධිරගත ට්‍රයි ගිසලයින් අඩුවී , හිතකර H D L ප්‍රමාණය වැඩිවී කොලෙස්ටරෝල් පාලනය වන බව සඳහන්.

කොත්තමල්ලි කොළ අක්මාවටත් හිතකරයි. එය අක්මාවේ පිත නිපදවන ක්‍රියාවලියට මනා සහායක් දක්වනවා..එය ශාරීරික සෞඛ්‍යය පමණක් නොව මානසික සෞඛ්‍යය වර්ධනය කර දෙන්නක්.මොළයේ රෝග වැළැඳීම අවම කර දෙන්නක්.මතක රඳවා ගැන්මට උපකාරීවෙමින් ඇල්ෂයමර් වැනි රෝගවලට එරෙහිව ක්‍රියාත්මක වන්නක්.

ආතරයිටීස් සහ වෙනස් සන්ධි රෝග සඳහාත් රක්තහීනතාවය වළක්වා ගැනීම සඳහාත් උපකාරී වේ. කාන්තාවන්ගේ ආර්තවහරණයෙන් පසුව ඇතිවන සන්ධි රෝගවලදී කොත්තමල්ලි ඉතා ගුණදායක පළා වර්ගයකි. එමෙන්ම කාන්තාවන්ගේ ආර්තවහරණයේදී රුධිරය අඩුවෙන් පිටවීමටත්, එම රුධිරය පිටවීමේදී ඇතිවන වේදනාව නැතිකර ගැනීමටත් කොත්තමල්ලිවල ප්‍රබල හැකියාවක් පවතී.

කොත්තමල්ලි කොළවල විටමින් සී සුලබව පවතින නිසා කොලොස්ටරෝල් පාලනයට ඉතා වැදගත් වන HDL කොලොස්ටරෝල් සංයුතිය වැඩි කරයි. රුධිර නාළ තුළ කොලොස්ටරෝල් තැම්පත් වීම අඩුකර හෘදයාබාධ අඩු කරයි.

අධික රුධිර පීඩනය පාලනයට උදවු වේ. එමෙන්ම කොත්තමල්ලි කොළ දියවැඩියාවට ඉතා ගුණදායක වේ. අගන්‍යාසයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගනිමින් ඉන්සියුලින් නිපදවීම ක්‍රමවත් කරයි. ඒ නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අඩු කරයි. මෙය දියවැඩියාවට ගුණදායක වේ.

ස්නායු පද්ධතිය ආශ්‍රිත බොහෝ රෝගවලට කොත්තමල්ලි ගුණදායක වේ. මොළය ආශ්‍රිතව ඇති රසායනික ද්‍රව්‍යවල සමතුලිත බව පවත්වා ගැනීමට කොත්තමල්ලි කොළ ඉතා ගුණදායක වේ. මොළයේ රසායනික ද්‍රව්‍ය වෙනස් වීම නිසා මොළයට ඇතිවිය හැකි ආබාධ වළකාලයි. නොසන්සුන් බව දුරලයි.

ආහාර දිරවීම සඳහා කොත්තමල්ලි කොළ උපකාරී වේ. මෙය ඉතා හොඳ ප්‍රතිශක්තිකාරකයකි. අක්මාවේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගැනීම ද හොඳින් පිත නිපදවීම ද සිදු කරයි. මෙමඟින් ආහාර හොඳින් දිරවීම සිදුවේ.

වමනය, බඩ පුරවා දැමීම, දියර සහිත මළ වැඩි වාර ගණනාවක් පිටවීම වැනි අවස්ථාවලදී කොත්තමල්ලි කොළ ඉතා ගුණදායක වේ. තුවාල ඉතා ඉක්මනින් සුව කරගැනීමේ හැකියාවක් පවතී. විශේෂයෙන් මහා අන්ත්‍රයේ තුවාල සුව කිරීම සඳහා කොත්තමල්ලි කොළ යොදා ගනී. සමේ ඇතිවන රෝග බොහෝමයක් සුව කර ගැනීමට උපකාරී වේ. මුත්‍රා මාර්ගයේ අසාදනය සමනය කර හොඳින් මුත්‍රා පිටකිරීමට උදවු වේ.

මුඛයේ ඇතිවන තුවාල සඳහා කොත්තමල්ලි ඉතා ගුණදායක වේ. මුඛයේ තුවාල සාදන බැක්ටීරියා විනාශ කිරීමේ ප්‍රබල හැකියාවක් කොත්තමල්ලි සතුව පවතී. පීනසවලට මෙන්ම සෙම ගතිය ඇති අයට සෙම පිටකිරීමට ද කොත්තමල්ලි කොළ උපකාරී වේ.

කොත්තමල්ලි කොළ ගැබිණි මව්වරැන් මුල් මාස තුනේදී ආහාරයට එක්කර ගන්න එපා. ඒ හැර කොත්තමල්ලි කොළ සලාද, සුප් එකක් සාදද්දී එක්කර ගැනීම, කොළ කැඳ සාදනවිට එක්කකර ගැනීම වැනි විවිධ ක්‍රම මඟින් ආහාරයට ගතහැකි ඉතා ගුණදායක ඖෂධයක් වේ.

කොත්තමල්ලි කොළ උණුවතුර ස්වල්පයක් සමග බ්ලෙන්ඩ් කර, දෙහි යුෂ යොදා අවශ්‍ය පමණට තවත් උණුවතුර මිශ්‍ර කර ලුණු ස්වල්පයක් එක්කර කොත්තමල්ලි කොළ බීම ක් සකසාගත හැකියි.මෙම පානය උදෑසන ආහාරයට පෙරත් රාත්‍රි ආහාරයට පසුත් දින 5ක් ලබා ගැනීමෙන් බර අඩුකරගත හැකි බව සඳහන්.

කොත්තමල්ලි කොළ සෝදා සිහින්ව ලියා රතුලූනු අමු මිරිස් උම්බලකඩ දෙහි ලුණු එක්කර සම්බෝලයක් ,සකසා ගත හැකියි.
එය ගැබිණි මවුවරුන්ට නම් මුල් මාස තුන ඇතුළත ආහාරයට ගැන්ම වඩා හිතකර නොවන බවයි සඳහන්වන්නේ.

කොත්තමල්ලි ගෙවත්තේ වගා කරගන්නට හැකියි.කොත්තමල්ලි අහුරක් රැයක් පෙඟෙන්නට දැමීමෙන් පසුව හෝ කොත්තමල්ලි අහුරක් ගෙන ඇට දෙකඩ වන සේ පමණක් යන්තම් තලා ගැනීමෙන් පසුව හෝවැලි , කොම්පෝස් පෝර, හා කොහුබත් සමව මිශ්‍රක‍ර දමා ගත් පෝච්චියක සිටුවීමෙන් එය අත් හදා බැලිය හැකියි.

කොත්තමල්ලි බීජය මෙන්ම කොත්තමල්ලි කොළය ද ඉතා ගුණදායක වුවත් මෙය බොහෝ දෙනකු නොදන්න කරුණකි. බොහෝ රෝග සුවපත් කරගැනීමට කොත්තමල්ලි කොළවලින් ප්‍රබල ශක්තියක් ලැබෙන අතර යකඩ වැඩි ප්‍රමාණයක් බහුල පළා වර්ගයකි. අත්‍යවශ්‍ය මේද අම්ල, ඔලෙයින්, ෆාම්ටික් වැනි මේද අම්ලවලින් බහුල කොත්තමල්ලි කොළවල මැග්නීසියම්, පොස්පරස් අන්තර්ගත වේ. එමෙන්ම තන්තු බහුල පළා වර්ගයක් වන මෙය කැල්සියම් බහුලව පවතී. එය ඔස්ටියෝ පොරෝසිස් රෝගයට ඉතා ගුණදායක වේ.

කොත්තමල්ලි කොළවලින් අත් බෙහෙත්

නිතර සෑදෙන හිසරදයට කොත්තමල්ලි කොළ ඇල්දියෙන් අඹරා නළලේ ආලේප කිරීම

මුඛයේ තුවාලවලට කොළ ,කොටා ගත් යුෂ මූඛයෙහි ලා කැලතීම

වේදනා ඉදිමුම් තුවාල හා සමේ රෝගවලට කොළ අඹරා ගෑම

අධික ආර්තවයට හා වේදනාවට කොත්තමල්ලි කොළ සම්බෝලය අහාරයට ගැනීම

සම රැලි වැටීම් නැතිවී පැහෑපත් වීමට කොළ යුෂ කෝමරිකා සමග මිශ්‍රකර ගැල්වීම

සමේ කුරුලෑ බ්ලැක් හෙඩ්ස් හා මළ සෛල ඉවත්කර නව සෛල වර්ධනයට කොළ යුෂ, ලෙමන් යුෂ සමග මිශ්‍රකර ආලේප කිරීම

සමේ රෝගවලට,රුව වැඩුමට සමේ වියළි ගති දුරුකිරීමට කොළ ආහාරයට ගැනීම හා අඹරා සමෙහි ගැල්වීම.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here