මල් දැකීම ධනලාභ පෙන්නුම් කරන සිහිනයක් වනවා. පහන් දල්වනවා දැකීමද එවන් වූ නිමිත්තක් පලකරන සිහිනයක්. මීට අමතරව නැවක් සිහිනෙන් දැකීම, සිංහයන් හෝ අසුන් පිට ගමන් කරනවා දැකීම, පණුවන් දැකීම, තම මව සතුටු කඳුළු හෙලනවා දැකීම වැනි දේ ධනලාභ ගැන පෙරනිමිති පලකරන වෙනත් සිහින වෙනවා.

තමන් මරණයට පත්වීම හීනෙන් දැකීම සුබ සිහිනයක් හැටියටයි අපේ සාම්ප්‍රදායික සිහින අර්ථදැක්වීම් වල පැවසෙන්නෙ. ධනය ලැබීම සහ යහපත් කාලයක් උදාවෙන බවක් තමයි ඒ මගින් පෙන්නුම් කරනු ලබන්නෙ.

පෙම්වතාගෙන් මුතු ලැබීම,පිරිපුන් දිය නෑම,සුවද දේ ගෑම,උසස් සම්පත් හා පළදනා පැලදීම,නොකැපූ මැණික් දැකීම – යස ඉසුරු සම්පත් ලැබේ.තම මැනියණ් සතුටු කදුළු හෙළීම,මව ආදරයෙන් කිරි දෙනු දැකීම – සිතු පරිදි ධන සම්පත් ඇති වේ.

ලිය කියවිලි වල යෙදුන අය දැකීම,සතුටු සිතින් සිටින ඉහළ අය දේකීම,පින් දහම් කරන රජ පවුල ආදිය දැකීම – තමාට යස ඉසුරු ලැබීමක් පෙන්නුම් කරයි.කිරි එළදෙනුන්,සුදු ගවයන්,සුදු නයින් දැකීම,බොහෝ දිලිසෙන මැණිකක් ආදිය දැකීම – පෙර පිනක බලයෙන් වාසනාව දෙපා මුලටම පැමිනේ.

පහන් පත්තු කිරීම,කැටපත් සුදින් වස්ත්‍ර දැකීම. – ධන වාසනාවක් අත්වේ.තමන් සින්හයෙකු පිට නැග යනවා දැකීම,මන්ගල පෝරූ දැකීම,රන් රිදී ආභරණ දැකීම – ධන සම්පත් පෑදීගෙන එන මාර්ග විවෘත වේ.

පුරාණ ගල් කණු දැකීම – සම්පත් හිමි වීමේ වාසනාවක් අත් වේ.විවාහක කත- රූමත් විවාහක කතක්‌ තම නිවසට එනවා දුටුවොත් ඔහුට සැප සම්පත් ලැබේ. ඉදිරි කාලය යහපත් වේ.සුදු නයෙක් දැකීම ධනලාභ ගෙනදෙන වාසනාවන්ත හීනයක් බවටත් සැලකෙනවා.

මල් පිරි ගස් සිහිනෙන් දැකීමෙන් ධනය සහ සතුට ලැබෙන බවට පෙර නිමිත්තක්.මැණික් ආභරණ සිහෙනෙන් දුටුවානම් වස්තුව ධනය ලැබේ.මීමැස්සන්න් ආදී කෘමීන් – වස්තුව ලැබේ.

මිනීමස් – වස්තුව ලැබේ.ලේබීම – වස්තුව ලැබේ.සුබ ආරංචි ලැබේ.බමුණන් දැකීම – සතුට ධනය ලැබේ.ඉදුණු ගෙඩි පළබර වූ ගස් දැකීමෙන් ධන ලාබ ලැබීමට හේතුවේ.යමෙකු ගං ඉවුරක සිට නෙලුම් කොළයේ බත්කනවා දුටු විට විශාල ධනස්කන්දයක් හිමිවේ

රසවත් ආහාර වැළදීම ධන ලාබ සහ සතුට උදාකරයි.තම මෑණියන් සතුටු කදුලු හෙලනවා දැකීමෙන් , තමාට ආදරය කරනවා දැකීමෙන් ධන සම්පත් ලාබ හිමිවේ.ශරීරය පුරා ලේ ගලායාම දුටුවිට සතුට වාසනාව සමග ධනය ලැබීමට හේතු ඇතිවේ

මල මිනියක් කරතබා යනු දැකීමෙන් අධික වස්තු ලාබයක් හිමිවේ.මියගිය අයෙකු සමග එකට වාඩිවී ආහාර ගන්නවා දැකීමෙන් වස්තුව හිමිවේ.ගුරුවරුන් දැකීමෙන් ව්‍යාපාර දියුණුවේ.වස්තුව ලැබේ.

සිහිනෙන් අඹ දැකීමෙන් ධන ලාබ සතුට ඇතිවේ.කොටියෙකු තමා එලවාගෙන එනවා දැකීමෙන් මහත් වස්තුව ලැබේ.වනාන්තරයක් දුටු කල වස්තුව සමග සතුට ලැබේ.තමන් වහලෙකු ලෙස විකිණෙනවා දැකීමෙන් සැප සම්පත් සමග ධන ලාබ ලැබේ.

සිහිනෙන් වයින් බීම දුටුකල ධනය වස්තුව කීර්තිය හිමිවේ.මුතු , දියමන්ති , සදුන් දැකීමෙන් වාසනාව , ධනලාබ සමග සතුට සමාදානය ඇතිවේ.තමා මියයනවා දැකීමෙන් ධනලාබ ලැබේ.

මුතුන් මිත්තන් සිහිනෙන් දුටුකල සතුට ධනය සෞභාග්‍ය හිමිවේ.රජවරු ඇමතිවරු දැකීමෙන් හදිසි ධන ලාබ ලැබේ.සුන්දර කාන්තාවක් තමන්ට අතට අත දෙනවා දැකීමෙන් වස්තුව ලැබේ.විශාල ධනයකට හිමිකම් කීමට ලැබේ.

රාජාභිෂේක දැකීමෙන් ධන ලාබ ලැබීමට හේතුවකි.දේදුන්නක් පායා තිබෙණු දැකීමෙන් සතුට සමග ධන ලාබ හිමිවේ.දී කිරි දැකීමෙන් ධන ලාබ ඇතිවේ.දෙවියන් වන්දනා කරනවා දැකීමෙන් ධන ලාබ සතුට ඇතිවේ.

කොවුළන් දුටු විට සතුට ධනය ලැබේ.මෙහෙකාරියක දැකීමෙන් ධන හානි , නින්දා අපහාස අසන්නට ලැබේ.රූමත් ස්ත්‍රියක් දැකීමෙන් ප්‍රිතිය , සතුට , වාසනාව සමග ධන ලාබ ඇතිවේ.

ගණිකාවක දැකීමෙන් ධන ධාන්‍ය සම්පත් හිමිවේ.නිල් මානෙල් මල් දැකීමෙන් පරම්පරාගත ධනයක් උරුමවේ.වැහි ලිහිණියන් දැකීමෙන් ධනය බලය ලැබේ.විවාධයන්ගෙන් දිනනවා දැකීමෙන් ධන ලාබ ලැබීමට හේතුවේ.

සත්පුරුෂයන් ඇසුරු කරනවා දැකීමෙන් සතුට,ධනය ලැබේ.තමාට යම් හිරිහැරයක් සිදුවෙනවා සිහිනෙන් දුටුවේ නම් ධන ලාබ හිමිවේ.කණ්ණාඩි සිහිනෙන් දුටුවේ නම් ධන ලාබ සතුට ඇතිවේ.

අලංකාර කඩදාසි දැකීමෙන් වස්තුව ලැබේ.කල්ප වෘක්ෂය දැකීමෙන් ධන ලාබ ලැබීමටත් දියුණුවටත් අවස්තාව සැලසේ.තමාගේ කුඩය නැතිවෙනවා දැකීමෙන් ධන ලාබ හිමිවේ.කිදුරන් දැකීමෙන් ධන ලාබ හිමිවේ.

ශරීරයේ කූඩැල්ලන් ලේ උරා බොනවා දුටුවේ නම් සැප සම්පත් සතුට වස්තුව ලැබේ.කූඩුකර සිටින සත්වයෙකුට ආහාර දෙනවා දුටුවේ නම් දීර්ඝායුෂ , සතුට , ධන ලාබ හිමිවේ.තොරණක් දැකීමෙන් සතුට ධනය හිමිවේ.

ශරීරය පුරා දධ කුශ්ට ආදී රෝගයන් ඇතිවී තිබෙනවා දැකීමෙන් මහත් ජය වස්තුව හිමිවේ.තීන්ත දැකීමෙන් ධනය වස්තුව හිමිවේ.දේව වාක්‍ය අසනවා දැකීමෙන් ධනය සතුට උදාවේ.දොඩම් දැකීමෙන් ධන ලාබ , ප්‍රිතිය ඇතිවේ.

වී සහල් දැකීමෙන් ධන ලාබ හිමිවේ.නළුවෙකු දැකීමෙන් වස්තුව කීර්තිය ලැබේ.නයෙකු පෙනය පුප්පනවා දැකීමෙන් ධනය බලය කීර්තිය , පුත්‍රලාබ සමග පිරිවර ලැබේ.උත්සව අවස්තාවක නර්ථනයේ යෙදෙනවා දුටුවේ නම් වස්තුව ලැබීමට හේතුවේ.

තමා නැවකට නගිනවා දුටුවේ නම් ධන ලාබ ලැබේ.සිහිනෙන් නිධානයක් දුටුවේ නම් අන් සතු වස්තුව හිමිවේ.පිරිසිදු ගලායන ජලය දුටුවේ නම් සතුට ධනය , ජය හිමිවේ.නෙළුම් මල් දැකීමෙන් පොහොසත්වේ.

පක්ෂීන් දැලකින් වැසීම සිදුකරනවා දැකීමෙන් සම්පත් ලැබේ.රූමත් කතක්‌ අතට අතදී කතා කරනවා දුටුවොත් ධන සම්පත් ලැබේ. ඉදිරි කාලය යහපත් වේ.ඔබේ මෝටර් රථය, ඇඳ හෝ ඇඳුම් ගිනි ගන්නවා දැකීම ධන හානි ගැන පෙන්නුම් කෙරෙන සිහින බවත් මතක තබාගත යුතුයි.

දුර්වර්ණ වූ කඩදාසි දැකීමෙන් කායික පීඩා සමග ධන හානි ඇතිකරයි. මී පැණි – ධන හානි රෝග පීඩා.වැහැරුණු එල්ලෙන පියවුරු දැකීමෙන් ධන හානි සමග දුක් කරදර පීඩා ඇතිකරයි.අත් ඔරලෝසු දැකීමෙන් පුත් රුවනක් ලැබේ.අත් ඔරලෝසු කැඩෙනවා දැකීමෙන් ධන හානි සිදුවීමට හේතුවේ.

පොහොසතෙකු විසින් සිහිනෙන් දුගී යාචකයෙකු දුටුවේ නම් තත්වයෙන් , ධනයෙන් පහලයාමක් සිදුවේ.දැසි දස්සන් දැකීමෙන් මහත් ධන හානි ඇතිකරයි.තමාගේ අස්ති බිදීමක් සිහිනෙන් දුටුකල ධන හානි ඇතිවේහිස් කල දැකීමෙන් අගෞවරය සහ ධන හානි සිදුවේ.

පක්ෂීන් පියාඹණවා දැකීමෙන් සියලු සම්පත් විනාසවී යයි.අවලස්සන ස්ත්‍රියක් දැකීමෙන් ධන හානි සමග දුක් පීඩා ඇතිකරයි.පරදාරය – යමකු අන් ස්‌ත්‍රියක්‌ සමග සංවාසයේ යෙදෙනවා දුටු වහොත් ඔහු නින්දා අපහාසවලට ලක්‌වේ. ධන හානි සිදුවේ.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here