සෞඛ්‍යසම්පන්න ආහාර ලබා ගැනීම ඔබ සිතනවාට වඩා ගොඩක් වැදගත් ක්‍රියාවක්. මොළය ශරීරයේ බරෙන් 2% ක් පමණක් වුවද, සිරුරට දිනකට අවශ්‍ය බලශක්ති පරිභෝජනයෙන් 20% කට වඩා වැඩි ප්‍රමාණයක් මොළය විසින් නිපදවනවා. එම නිසා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම ඔබේ මොලයේ සෞඛ්‍යය තත්වය ඉහල නංවනවා. මොළයේ ක්‍රියාකාරිත්වය සහ ග්ලූකෝස් සැපයුම අඛණ්ඩව අවශ්‍ය වෙනවා. ග්ලූකෝස් සැපයුම අඩාල වූ විට සිතීමේ ශක්තිය විකෘති භාවයට පත් විය හැකියි. මෙහි අදහස සීනි අධික ආහාර නොව, සිරුරට හිතකර ග්ලූකෝස් ලබා ගත යුතු බවයි. ඉතින අද අපි තීරණය කළා welawa වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.

මාළු

මාළු අනුභව කිරීම ඔබේ මොලයේ ක්‍රියාකාරිත්වය සඳහා ඉතා වැදගත් වෙනවා. සැමන්, මැකරල් වැනි මාළු වල ඔමේගා 3 මේද අම්ලය බහුලයි. මීට අමතරව ඇල්සයිමර් රෝගය වැනි මානසික සෞඛ්‍ය ගැටළු ඇතිවීමේ අවදානම අඩුකරනු ලැබේ. මාළු වල ඔබේ මොළය වර්ධනය වීමට උදව් වන EPA සහ DHA ඇසිඩ් වර්ග දෙකත් අඩංගු වෙනවා.  DHA මනසේ ආතතිය කළමනාකරණය කිරීමට සහ මානසික සහනය ඇති කරවන Serotonin හෝමෝනය නිපදවීමට උදව් කරනවා.

කොළ සහ හරිත එළවළු

ඔබට ඔබේ මතක ශක්තිය වර්ධනය කර ගැනීමට අවශ්‍ය නම් අද සිට ඔබේ පිඟානෙන් හරිත එළවලු සඳහා කුඩා ඉඩක් හෝ වෙන් කර ගන්න.

උදා : කොළ පැහැති ගෝවා, නිවිති

මේවායේ අඩංගු විටමින් A​​Kබීටා-කැරොටින්Folate  සහ Lutein ප්‍රතිශක්තිකරණය සඳහා සටන් කරන අතර, වඩා හොඳ මතක ශක්තියක් රඳවා ගැනීම සඳහා උපකාර කරනවා.

ධාන්‍ය වර්ග

ඔබේ මොලය ඇතුළු සියලුම ඉන්ද්‍රියයන් ක්‍රියාත්මක වීම සඳහා ශක්තිය අවශ්‍යයි.

ඔබ ඔබේ මතක ශක්තිය වැඩි දියුණු කර ගැනීමට කැමති නම් ඔබ ආහාර පිණිස ධාන්‍ය වර්ග තෝරා ගත යුතුය. කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද පර්යේෂණයකින් පෙන්වා දෙන පරිදි ධාන්‍ය පරිභෝජනය ඇල්සයිමර් රෝගය ඇති වීමේ අවදානම අවම කරයි.  

බිත්තර

බිත්තර කියන්නේ මොළයේ සෞඛ්‍යය ඉහල නැංවීමට උපකාරී වන පෝෂක ප්‍රභවයක්. එහි විටමින් බී 6 සහ බී 12, Folate සහ Choline බහුලව අඩංගු වේ. විටමින් B සහ Folate ඇසිඩ් වයස්ගත වීමත් සමඟ ඇති වන මානසික ආබාධ වැළඳීමේ අවදානම අඩු කරන අතර, මානසික ආතතිය අඩු කරයි. එසේම මතකය වැඩි දියුණු කිරීම සඳහා Choline වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. බිත්තර ආහාරයට ගැනීමෙන් මතක ශක්තිය ඉහල නැංවීම සඳහා උපකාරී වන ස්නායු උත්තේජනය කරන Acetylcholine හෝමෝනය නිපදවීම ඉහල යනවා.

ඩාර්ක් චොකලට්

ඩාර්ක් චොකලට් හා කොකෝවා කුඩු වල Flavonoids, කැෆේන් හා ප්‍රති-ඔක්සිකාරක වැනි මතක ශක්තිය වැඩි කරන සංයෝග අඩංගු වේ. ඩාර්ක් චොකලට් මතකය වැඩි දියුණු කිරීම සහ වයස්ගතවීම හා  සම්බන්ධ මානසික ගැටලු අඩු කිරීමේ කාර්යයන්හි නිරත වෙනවා. ඩාර්ක් චොකලට් මානසික සාමය සහ සතුට ඇති කිරීමටත් හේතුවක් වෙනවා.

කහ

අප ආහාර වලට මුසු කරන කහ කුඩු ගැනයි මේ කතාව. මේ කහ භාවිතා කිරීමෙන් මොලයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි වීමේ හැකියාව ලැබෙනවා. මෙමඟින් මොළයේ සෛල වර්ධනය වීමට සහ තොරතුරු සැකසීමට අවශ්‍ය පසුබිම සකස් කරනවා. එමෙන්ම ඇල්සයිමර් රෝගය සඳහා හේතු වන Amyloid Plaques සිරුරෙන් ඉවත් කරනවා.

විටමින් සී සහ බී අඩංගු ආහාර

විටමින් C පලතුරු වල බහුලව අඩංගු වෙනවා. මේ විටමින් C මානසික ක්‍රියාකාරිත්වය ඉහල නැංවීමට උපකාරී වෙනවා. වයස්ගත වීමත් සමඟ මොලය තුල ඇති වන විවිධ ආබාධ පාලනය කිරීමට විටමින් B උපකාර කරනවා.

අලිගැටපේර

අලිගැටපේර වල විටමින් E බහුලව අඩංගු වන අතර,  ප්‍රතිඔක්සිකාරකයන්ද අඩංගුය. මෙය මොලයේ සෞඛ්‍ය තත්වය ඉහල නැංවීමට උපකාරී වෙනවා.

ඇල්මයිසර් රෝගය වැළඳීමේ අවදානම අඩු කිරීම සඳහාත්  අලිගැටපේර උදව් වෙනවා.

තක්කාලි

තක්කාලි වල මොළයේ විනාශ වූ සෛල නඩත්තු කිරීම හා නිෂ්පාදනය කිරීම සඳහා ක්‍රියා කරන Lycopene බහුලව අඩංගු වෙනවා.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here