කව්ද අකමැති තමන්ගේ  වැඩි උන බර දවසට කිලෝ 1ක් අඩු කර ගන්න.ඇගේ බර වැඩිවීම නැත්නම් මහත්වීම දැන් හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ. උදේ ඉදන් හවස වෙනකම් ඔෆිස් එකේ ඉදගෙන ඉදලා ගෙදර ගිහින් රැට කාලා නිදා ගන්න එක තමයි බෙහෝ දෙනෙක් කරන්නේ මෙකෙද හවස් වෙනකොට හරිම මහන්සි නිසා
අපේ ශරීරයට ව්‍යයාම මදිකමත් කෙටි ආහාරත් පාංපිටි කෑම ජාති තෙල් අධික කෑමවර්ග ගැනීමෙන්  ශරීරයේ මේදය අධික ලෙස තැන්පත් වීමට ප්‍රධාන හේතුවයි.

හොදින් ශරීරය තියා ගන්න ඕනිනම් ව්‍යායාම කරන්න. රෑට ක්‍රමවත් විදියට සැහැල්ලු  ආහාර ගන්න. මේ හෙම දේම කරන ගමන් අපි අද කියල දෙන මෙම පානය හදලා බීවොත් තවත් ඉක්මනින් බර අඩු කර ගන්න පුළුවන්.

කසකසා කියන්නේ අමතර මේද දහනය කරන දියවැඩියාව වගේ රෝග වලට හොඳ පිලිතුරක්. ලෙමන් කියන්නෙත් ඉතින් මේදය දහනය කරන පලතුරක්නේ. ඉතින් මේ ජූස් එක නිතර පානය කිරීමෙන් ඇඟ අඩුකරගන්න වගේම ලෙඩ වලින් ඈත් වෙලා ඉන්නත් උදවු වෙනවා. හරි ප්‍රථිඵල ගන්න උදේ ආහාර ගන්න කලින් ජූස් එක බොන්න. ලෙමන් නැති වෙලාවට දෙහි යුෂ වලින් උනත් හදාගන්න පුලුවන්.

මෙම පානයේ ප්‍රධාන ද්‍රව්‍ය කස කස ඇට. ලේසියෙන්ම අපිට මිලදී ගන්න පුළුවන් බොහෝ ගුණ ඇති කස කස ඇට මේද දියකිරිම වැඩි දියුණු කරන ගමන් ශරීරය පිරිසිදු කරනවා. ඒ වගේම මූත්‍රා වැඩි කරන අතර මලබද්දය ද අඩු කරයි. කස කස ඇට වතුර සමග මිශ්‍ර වුනාම කැලරි අඩු එමෙන්ම තෘප්තිමත්ව බඩ පිරෙන ගතියක් ඇති කරයි. ආහාර ජ්රිණයද වැඩි දියුණු කර ශරීරයේ විෂ නැති කරයි.

හැදීමට  අවශ්‍ය දේ

ලෙමන් ගෙඩි 1
මීපැණි මේස හැදී 1 ( ග්රෑම් 25)
කස කසා ඇට මේස හැදී 1 ( ග්රෑම් 25)
වතුර මිලි 300

කස කසා ඇට වතුර මිලි 100 කට එකතුකරලා පැයක් තියෙන්න හරින්න. එතකොට ජෙල් එකක් වගේ හැදෙයි. ලෙමන් යුෂ වතුර වීදුරුවකට මිශ්‍ර කරලා කස කසා වතුර මිශ්‍රණයට එකතු කරන්න, දැන් මේක බලෙන්ඩරයේ දමා මීපැණි එකතු කර බ්ලෙන්ඞ් කර ගන්න.උදේ කෑමට කලින් පානය කරන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :

කසකසා තේ හැඳි 1
ලෙමන් ගෙඩියක යුෂ
සිසිල් ජලය වීදුරු 1
සීනි තේ හැඳි 1 (රස අනුව අඩු වැඩි කරගන්න පුලුවන් )

සාදන ක්‍රමය :

01. කසකසා ටික වීදුරුවට දමා සිසිල් ජලය ටිකක් (තේ හැඳි 3ක් විතර ) දාලා ටික වෙලාවක් තියන්න. එතකොට තමයි කසකසා වල තන්තු හොඳින් ක්‍රියාත්මක වෙන්නේ.

02. කසකසා ටික ජෙල් එකක් වගේ උනාට පස්සේ ලෙමන් යුෂ, ඉතිරි ජලය, සීනි එකතු කරලා ප්ලාස්ටික් හැන්දකින් සීනි දියවෙන තෙක් මිශ්‍ර කරන්න. රස විඳින්න.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here